විරෝධතාකරුවන් විසුරුවාහැරීම ගැන මානව හිමිකම් කොමිසම පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි

පසුගිය ඉරිදා (09) කොළඹ ගාලු මුවදොර දී පැවති විරෝධතාව විසුරුවා හැරියේ කුමන පදනමක් යටතේ ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.

එම වාර්තාව පැය 24ක් තුළ ලබාදෙන ලෙසයි මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාට දන්වා ඇත්තේ.

පසුගිය ඉරිදා පැවති මෙම විරෝධතාව සහ සැමරුම විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළ අතර එහිදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා.

එහිදී පුද්ගලයින් හයදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වූ අතර, ඒ අතර සිටි පාසල් සිසුවෙක් සහ නීතීඥයෙන් පසුව මුදාහැරීමටයි කටයුතු කළේ.

පොලිස් අත්අඩංගුවේ පසු වූ අනෙක් සිව්දෙනා ඊයේ (10) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත නිදහස් කිරීමට නියෝග කළා.

මේ අතර මෙම විරෝධතාව සහ සැමරුම විසුරුවා හැරීමට පොලීසිය විසින් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?