AFC Banner
Empty Ad
Empty Ad

විරාට් කෝලීගේ සංවේදී ඉල්ලීම

සුපිරි ක්‍රීඩක විරාත් කෝලිගේ පුංචි දූ පොඩ්ඩගේ අපූරූ ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ පසුගියදා හුවමාරු වුණා. මින් ඉහත කිසිම ආකාරයකින් ඔවුන් සිය දියණියගේ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත හෝ මාධ්‍යයට නිරාවරණය කර තිබුනේ නැහැ.

කෝලී මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණෙත්, ඇයව කිසිදු දිනෙක ලෝකයට නොපෙන්වන බවයි.

ඇය දිනෙක සියල්ල තේරුම් බේරුම් කරගත හැකි දැරියක් බවට පත්වනතුරු එසේ සිදුකරන බවයි ඔහු සඳහන් කර තිබුණේ.

එසේ වුවත්, මෙම “අහම්බය” නිසාම කෝලී සිත් තැවුලෙන් සිටින බවයි නවතම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

“අපේ දුවගේ ෆොටෝ එක ගොඩක් අය ශෙයා කරලා තියෙනවා අපි දැක්කා… ඇත්තෙන්ම එය අප බලාපොරොත්තු නොවිච්ච දෙයක්. මේ සම්බන්ධයෙන් අපේ ස්ථාවරය සහ ඉල්ලීම මේකයි.. කරුණාකරලා අපේ දියණියගේ ඡායාරූප හුවමාරු කරගන්න එපා. කවුරුත් වාමිකාව රූගත කරන්න හොඳ නෑ… මම නැවතත් ඒක කියනවා…”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?