Indian Premier League

වියළි කාලගුණ තත්ත්වයේ අඩුවීමක් – හෙට සිට වැසි

පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික අඩුවීමක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ, අනුව හෙට (28) දිනයේ සිට උතුරු මැද, ඌව, නැගෙනහිර පළාත්වල තැනින් තැන වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක පැවසුවේ.

ඊට අමතරව සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම යන පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම දිවයින හරහා ඇති සුළඟේ වේගය ද තරමක වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
22
+1
21
+1
93
+1
13
+1
19
+1
19
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?