AFC Banner
AFC Banner
Empty Ad

ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස් විම්බල්ඩන් කිරුළ රැකගනී (ඡායාරූප)

විම්බල්ඩන් පිරිමි කේවල අවසන් මහා තරගය ජයගැනීමට ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස්ට ඊයේ (13) හැකියාව ලැබුණා.

ඒ, අවසන් මහා තරගයේ දී සුපිරි ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවික් පරාජය කරමින්.

අවසන් මහා තරගයේ ලකුණු සටහන දැක්වුණේ 6-2 6-2 7-6 (7-4)ක් ලෙසයි.

21 වන වියේ පසුවන කාලෝස් අල්කරාස් මෙලෙස දිනාගත්තේ සිව්වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව වීම ද විශේෂත්වයක්.

මේ අතර කාලෝස් අල්කරාස් වාර්තා අතර එක්වන්නේ විම්බල්ඩන් කිරුළ සාර්ථකව රැකගත් පළමු ස්පාඤ්ඤ ජාතිකයා බවට පත් වෙමින්.

හිටපු සුපිරි ටෙනිස් ක්‍රීඩකයෙක්වන ස්පාඤ්ඤයේ රෆායල් නඩාල්ට පවා එවැනි දස්කමක් දැක්වීමට හැකියාව ලැබී නැහැ.

අල්කරාස් මේ වනවිට වත්මන් ප්‍රංශ විවෘත සහ විම්බල්ඩන් ශූරයාවන අතර, මෙම යුගයේ තරඟාවලි දෙකම ජයග්‍රහණය කළ හයවන පුද්ගලයා බවට ද ඔහු පත්වනවා.

මේ අතර ශූරතාව හිමිකරගත් ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස්ට හිමි විම්බල්ඩන් කුසලානය පිරිනැමීම වේල්ස් හි කුමරියවන කේට් කුමරිය අතින් සිදුකෙරුණා.

37 හැවිරිදි ජොකොවික් සහ යොවුන් ක්‍රීඩක කාලෝස් අතර ඊයේ පැවති මෙම අවසන් මහා තරගය නැරඹීම වෙනුවෙන් අඩුම ප්‍රවේශපත්‍රය ඇමරිකානු ඩොලර් 10,000ක මිලකට අලෙවි වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?