ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස් විම්බල්ඩන් කිරුළ රැකගනී (ඡායාරූප)

විම්බල්ඩන් පිරිමි කේවල අවසන් මහා තරගය ජයගැනීමට ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස්ට ඊයේ (13) හැකියාව ලැබුණා.

ඒ, අවසන් මහා තරගයේ දී සුපිරි ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවික් පරාජය කරමින්.

අවසන් මහා තරගයේ ලකුණු සටහන දැක්වුණේ 6-2 6-2 7-6 (7-4)ක් ලෙසයි.

21 වන වියේ පසුවන කාලෝස් අල්කරාස් මෙලෙස දිනාගත්තේ සිව්වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව වීම ද විශේෂත්වයක්.

මේ අතර කාලෝස් අල්කරාස් වාර්තා අතර එක්වන්නේ විම්බල්ඩන් කිරුළ සාර්ථකව රැකගත් පළමු ස්පාඤ්ඤ ජාතිකයා බවට පත් වෙමින්.

හිටපු සුපිරි ටෙනිස් ක්‍රීඩකයෙක්වන ස්පාඤ්ඤයේ රෆායල් නඩාල්ට පවා එවැනි දස්කමක් දැක්වීමට හැකියාව ලැබී නැහැ.

අල්කරාස් මේ වනවිට වත්මන් ප්‍රංශ විවෘත සහ විම්බල්ඩන් ශූරයාවන අතර, මෙම යුගයේ තරඟාවලි දෙකම ජයග්‍රහණය කළ හයවන පුද්ගලයා බවට ද ඔහු පත්වනවා.

මේ අතර ශූරතාව හිමිකරගත් ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස්ට හිමි විම්බල්ඩන් කුසලානය පිරිනැමීම වේල්ස් හි කුමරියවන කේට් කුමරිය අතින් සිදුකෙරුණා.

37 හැවිරිදි ජොකොවික් සහ යොවුන් ක්‍රීඩක කාලෝස් අතර ඊයේ පැවති මෙම අවසන් මහා තරගය නැරඹීම වෙනුවෙන් අඩුම ප්‍රවේශපත්‍රය ඇමරිකානු ඩොලර් 10,000ක මිලකට අලෙවි වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39