විමල් වීරවංශ ජාතියෙන් සමාව ගනී ද….?

පොදුජන පෙරමුණේ නායකත්වය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගිය දා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ඔහු අද ප්‍රතිචාර දැක්වී ය.අමාත්‍යවරයා පසුගිය දා පුවත් පතකට කළ ප්‍රකාශයක දක්වුණේ, ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයට පමණක් තනි කිරීම සුදුසු දෙයක් නොවන බව ත් එතුමාට පොදුජන පෙරමුණේ නායකත්වය ලබා දිය යුතු බවත් ය.මේ අතර ඊයේ දිනයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වූහ.

ඔවුන් පැවසුවේ, එකි ප්‍රකාශයට අදාළව විමල් වීරවංශ මහතා ජනතාවගෙන් සමාවගත යුතුව ඇති බවයි.

මහ ලේකම්වරයා අවධාරණය කර සිටියේ, විමල් වීරවංශ අමාත්‍යවරයාට එවැනි ප්‍රකාශයක් කිරීමට හෝ එවැනි තීන්දු තීරණ ගැනීමට කිසිදු අයිතියක් නොමැති බවයි.

අද දිනයේ මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මීගමුවේදී පැවසුවේ, මහින්ද සුළඟ ආරම්භ කිරීමට පුරෝගාමී වූ කිහිප දෙනාගෙන් එක් අයෙකු වීම වරදක් නම් සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වීම යථාර්ථයක් කිරීමට පුරෝගාමීව දායක වීම වරදක් නම් තමා ජාතියෙන් සමාව ගත යුතු බවයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පොදු ජන පෙරමුණේ, ඉහළ තනතුරක සිටිය යුතුයි යන්න ඉදිරිපත් කිරීම තුළින් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යරවයා නායකත්ව තනතුරේ නොසිටිිය යුතු යැයි අදහස් නොවන බවයි.

පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරයෙකු අමාත්‍යවරයාට එල්ල කළ මෙම වාග් ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන මතයක් දරන්නේ දැයි, මාධ්‍යවේදීහු විමසා සිටිය.

අමාත්‍යවරයා ඊට පිළිතුරු ලෙස පැවසුවේ, පොඩි ළමයි බඩුමුට්ටු පොඩි පට්ටම් කරගත්තාට එතරම් කලබල නොවිය යුතු බවයි.

අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදු කළ ප්‍රකාශය පහතින්….

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිටකොටුවේ වැඩි මිලට විකුණන පොත් අල්ලපු මෙහෙයුම
Video thumbnail
බටලන්ද කොමිසමේ වාර්තාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය සජීවීව
00:00
Video thumbnail
පිස්සෙක් රජ වුණත් එකයි රජෙක් පිස්සෙක් වුණත් එකයි - කුට්ටි ආණ්ඩුවට අමතයි
17:38
Video thumbnail
මේ උඹව මකවලා යවන්නේ දැනගනින් - ගෝල්ෆේස් එකේ රඟන ෆේක් චණ්ඩි
02:39
Video thumbnail
සහෝදරයන්ගේ හදවතට කරපු කතාව - අත්පුඩියක් ගහන්න සහෝදරයා හයියෙන්
18:59
Video thumbnail
හිරුණිකා උදේ පාන්දර ආණ්ඩුවට විහිළු කරයි
33:26
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17

?