විමල් වීරවංශ ජාතියෙන් සමාව ගනී ද….?

පොදුජන පෙරමුණේ නායකත්වය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගිය දා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ඔහු අද ප්‍රතිචාර දැක්වී ය.අමාත්‍යවරයා පසුගිය දා පුවත් පතකට කළ ප්‍රකාශයක දක්වුණේ, ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයට පමණක් තනි කිරීම සුදුසු දෙයක් නොවන බව ත් එතුමාට පොදුජන පෙරමුණේ නායකත්වය ලබා දිය යුතු බවත් ය.මේ අතර ඊයේ දිනයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වූහ.

ඔවුන් පැවසුවේ, එකි ප්‍රකාශයට අදාළව විමල් වීරවංශ මහතා ජනතාවගෙන් සමාවගත යුතුව ඇති බවයි.

මහ ලේකම්වරයා අවධාරණය කර සිටියේ, විමල් වීරවංශ අමාත්‍යවරයාට එවැනි ප්‍රකාශයක් කිරීමට හෝ එවැනි තීන්දු තීරණ ගැනීමට කිසිදු අයිතියක් නොමැති බවයි.

අද දිනයේ මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මීගමුවේදී පැවසුවේ, මහින්ද සුළඟ ආරම්භ කිරීමට පුරෝගාමී වූ කිහිප දෙනාගෙන් එක් අයෙකු වීම වරදක් නම් සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වීම යථාර්ථයක් කිරීමට පුරෝගාමීව දායක වීම වරදක් නම් තමා ජාතියෙන් සමාව ගත යුතු බවයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පොදු ජන පෙරමුණේ, ඉහළ තනතුරක සිටිය යුතුයි යන්න ඉදිරිපත් කිරීම තුළින් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යරවයා නායකත්ව තනතුරේ නොසිටිිය යුතු යැයි අදහස් නොවන බවයි.

පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරයෙකු අමාත්‍යවරයාට එල්ල කළ මෙම වාග් ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන මතයක් දරන්නේ දැයි, මාධ්‍යවේදීහු විමසා සිටිය.

අමාත්‍යවරයා ඊට පිළිතුරු ලෙස පැවසුවේ, පොඩි ළමයි බඩුමුට්ටු පොඩි පට්ටම් කරගත්තාට එතරම් කලබල නොවිය යුතු බවයි.

අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදු කළ ප්‍රකාශය පහතින්….



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33