විමල්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට භාරවීමෙන් පසුව එම වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළා.

රුපියල් මිලියන 75කට අධික වත්කම් අයතා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් විරවංශට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

ඒ, අනුව විත්තිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් වරෙන්තු නිකුත් කළා.

ඉන් පසුව විමල් විරවංශ සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ අතර අනතුරුව වරෙන්තු ආපසු කැඳවීම මෙලෙස නියම කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
12
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?