AFC Banner
Empty Ad
Empty Ad

විභාග වෙමින් පවතින නඩුවක විත්තිකරු නිදොස් කොට නිදහස් කළ හිටපු අධිකරණ සේවකයා මාට්ටු

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට අදාළව එහි විත්තිකරු සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ඇති බව සදහන් කරමින් මහේස්ත්‍රාත්වරයාගේ අත්සන ද ව්‍යාජ ලෙස සදහන් කර නඩු වාර්තාවක් ලබාදී , රුපියල් ලක්ෂ 35ක මුදලක් වංචනිකව ලබාගත් හිටපු අධිකරණ සේවකයෙක් මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා කලක් වැලිසර අධිකරණයේ කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස සේවය කරමින් සිටිය දී මෙවැනි වැරදි වංචා සිදුකර රැකියාව අහිමි වී සිරගතව සිට ඇති අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

තමන් නීතිපති දෙපාර්තමේන්තුවේ සහ කොළඹ අලුත්කඩේ මහාධිකරණයේ තෝල්ක මුදියන්සේ ලෙස හදුන්වා දෙමින් , වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට එරෙහිව කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පවරා තිබූ නඩුවකට අදාළව පනවා තිබූ ගුවන් ගමන් තහනම ඉවත්කර ගැනීම සඳහා මෙම කූඨ ලෙස සකස්කළ නඩු වාර්තාව ලබා දී  මෙම මුදල වංචනිකව ලබාගෙන ඇති බවයි වාර්තා වුණේ.

පසුව තම ගුවන් ගමන් තහනම ඉවත් වී නොතිබීම පිළිබඳව වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා මුණගැසී සොයාබලා තිබෙනවා.

එහිදී මෙම පුද්ගලයාට ලබා දී තිබූ නඩු වාර්තාව කූඨ ලෙස සකස්කර ඊට මහේස්ත්‍රාත්වරයාගේ අත්සන ද ව්‍යාජ ලෙස යොදා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව මෙම ව්‍යාජ නඩු වාර්තාව සකසා දුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇති අතර ඔහු පොලිසිය මඟ හරිමින් සැඟව සිට තිබෙනවා.

එලෙස තම බිරිඳ සමඟ වත්තල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක සැඟව සිටිය දී මෙම සැකකරු ඊයේ (14) අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිව තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔවුන් එම නිවාස සංකීර්ණය ද අතහැර වෙනත් ස්ථානයකට පළා යාමට සූදානම්ව සිටි බවයි කරුණු වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සහ ඔහුගේ බිරිඳ අද (14) දිනයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
8
+1
2
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?