විභාගය නිම වී මුහුදු වෙරළේ පදමට මත් වූ සිසුන් පිරිසක් පොලිසියට

පාසල් නිල ඇඳුමෙන් මත්පැන් පානය කළ සිසුන් පස්දෙනෙකු පොලිස් භාරයට ගත්බව පානදුර පොලිස් අධිකාරී කාර්යාලය පවසනවා.

මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක දහය සහ එකොළහ ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් පිරිසක් බවයි වාර්තා වන්නේ.

ලද තොරතුරක් මත පානදුර මුහුදු වෙරළේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී, වාර විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව අදාළ සිසුන් පස්දෙනා මෙලෙස මත්පැන් පානය කරමින් සිටිය දී පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

පොලිස් භාරයට ගැනුණු ළමුන්ගේ, දෙමාපියන් පොලිසිය වෙත කැඳවා දැඩි ලෙස අවවාද කිරීමෙන් අනතුරුව ඔවුන්ව මුදා හැරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?