AFC Banner
Empty Ad
Empty Ad

විපක්ෂ නායක සහ ජර්මන් නියෝජිතවරියක් අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකාවේ ජර්මන් කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජිතවරිය වන මාරි ඇන්ටෝනියා වොන් ෂොන්බර්න් මහත්මිය සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඔවුන් සමඟ එම හමුවට ශ්‍රී ලංකාවේ ජර්මන් කර්මාන්ත හා වාණිජ නියෝජිත පිරිසේ ආයතනික කටයුතු/අපනයන ප්‍රවර්ධන ප්‍රධානී මලින්ත ගජනායක මහතා සහ සන්නිවේදන කළමනාකාරිනී කේශලා ඩයස් මහත්මියද එක්ව සිටි බව සඳහන්.

අවහිරතා ඉවත් කරමින් හා ද්වි-පාර්ශ්වික වෙළඳ කටයුතු ප්‍රවර්ධනය කරමින් සිදු කෙරෙන සෘජු විදේශ ආයෝජන (FDIs) කටයුතු පිළිබඳ විශේෂ අවධානය යොමු කර ජර්මන් ව්‍යාපාරයනට ශ්‍රී ලංකාව තුළ ආයෝජන කටයුතු සිදු කිරීමට සුභදායී වූ පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කර ගනිමින් මෙම සාකච්ඡාව පැවැත් වුණා.

දෙරටටම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ගෙන ඒම සහතික කරන්නා වූ සහයෝගීතා අවස්ථාවන් විමසා බලන අතර ආර්ථික වෘද්ධිය හා සමෘද්ධියද සුපෝෂණය කිරීම ඉලක්ක ගතව කටයුතු කිරීමටයි මෙහිදී සාකච්ඡා වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?