විපක්ෂ නායක සජිත් සහ ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ නියෝජිතයින් අතර හමුවක්

ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (03) නවදිල්ලියේ දී, ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් හමු වී සාකච්ඡා පැවැත්වුවා.

එහිදී වෙළෙඳාම, ආයෝජන සහ තාක්ෂණය යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා පුළුල් කථිකාවතක් ගොඩනැංවීමට හැකියාව ලැබුණා.

වෙළෙඳාම සහ ආයෝජන ප්‍රවාහයන් ඉහළ නැංවීම සඳහා ඉන්දියා-ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසම යටතේ වෙළෙඳ පහසුකම් සැපයීමේ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී යෝජනා කළා.

ඉන්දියානු කර්මාන්ත සඳහා කැප වූ ඉන්දියා-ශ්‍රී ලංකා ඒකාබද්ධ කාර්මික හා තාක්ෂණ වෙළෙඳ කලාපයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කිරීමට ද ඔහු මෙහිදී යෝජනා කර සිටියා.

එමෙන්ම පුනර්ජනනීය බලශක්තිය, කෘෂි සැකසුම්, සැපයුම්, සංචාරක සහ අර්ධ සන්නායක වැනි ප්‍රමුඛතා අංශ හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා-CII ව්‍යාපාරික සංසදයක් පිහිටුවීමට ද විපක්ෂ නායකවරයා මෙහිදී ඉදිරිපත් කළ යෝජනාවක්.

තවද ශ්‍රී ලංකාවේ ව්‍යාපාර මෙහෙයුම් පුළුල් කිරීමට ඉන්දියානු ව්‍යාපා⁣රිකයන්ට ආරාධනා කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පවසා සිටියේ විදේශ සෘජු ආයෝජනවලට බාධා කරන ඕනෑම බාධාවන් ඉවත් කිරීමට සහ බහු-පාර්ශ්වික ව්‍යවස්ථාදායක සහාය හරහා පූර්ණ පහසුකම් සැපයීමට කටයුතු කරන බවයි.

අනුපූරක නිෂ්පාදන සහ සැකසුම් මධ්‍යස්ථානයක් වීමට ශ්‍රී ලංකාවේ ඇති කැමැත්ත ගෙන හැර දක්වමින් ඉන්දියාවේ අර්ධ සන්නායක මෙහෙයුම් යටතේ සහයෝගීතාවයක් ද ඔහු යෝජනා කළා.

සියලු දෙනා ඇතුළත් කර ගත් සහ තාක්ෂණය මෙහෙයවන වර්ධනයේ වැදගත්කම අවධාරණය කරමින්, සංවර්ධනය ජනතාව කේන්ද්‍ර කරගත් සහ ජනතාව මෙහෙයවන මට්ටමක පැවතිය යුතු බවත්, ප්‍රගතියේ ප්‍රතිලාභ සමාජයේ සියලු කොටස් වෙත ළඟා වන බව සහතික කළ යුතු බවත් ඔහු පැවසුවා.

එමෙන්ම නිෂ්පාදනය සහ තාක්ෂණය සම්බන්ධයෙන් ඉන්දියාවේ නැගීම ශ්‍රී ලංකාවට අභියෝගයක් නොවන නිසා ඉදිරියේ දී සහයෝගයෙන් කටයුතු කිරීමට ආරාධනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09


?