විපක්ෂ නායකගෙන් ආණ්ඩුවට රතු එළියක්

රටේ ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් රටට වාසිදායක ගිවිසුමක් සාකච්ඡා කිරීමේ අදහස ලබා දුන්නේ සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය වුව ද වත්මන් රජය පමා වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් රටට හානිදායක, ජනතාවට වින කරන දුර්වල ගිවිසුමකට අත්සන් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

රජය නොහැකියාවෙන් පෙළෙන රජයක් වන අතර ඔවුන්ගේ අමනෝඥ, අකාර්යක්ෂම වැඩපිළිවෙළ තුළ රටත් රටේ ජනතාවත් අනතුරට පත් කරන ගිවිසුමක් අත්සන් කිරීම මගින් රටේ ජනතාවට තවදුරටත් අන්ත අගතිගාමී තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පළමු කාර්තුවේ ආර්ථිකය සංකෝචනය වූ රජයේ ම සංඛ්‍යා ලේඛන දෙස බලන විට එය මනාව පැහැදිළි වන බවත් රජය සෑම විටම සිදු කරන්නේ රටේ ජනතාවගෙන් තොරතුරු වසන් කිරීම බව ඔහු ප්‍රකාශ කළා.

ඊට අමතරව රටේ ප්‍රශ්න විසඳන බව කියමින් රජය සිදු කර ඇත්තේ රට බංකොලොත් කළ හොරු රකිමින් හොරුන්ට සුර සැප ලබා දෙමින් තමන්ද සුරසැප විඳිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අසාර්ථක ගිවිසුමක් ඇති කර ගැනීම බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

එහි ප්‍රතිඵල මේ වන විට ජනතාව භුක්ති විදිමන් සිටින බව පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ තවදුරටත් රජයට ජනතාවට බොරු කිරීමට අවස්ථාව ලබා නොදී මේ බොරු සහ රැවටිලි සියල්ල හෙළිදරව් කරන බව යි.

ඔහු මේ බව කියා සිටියේ අද (16) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ එකමුතුවේ විධායක කමිටුව රැස් වූ අවස්ථාවේ දීයි.

එහි දී විපක්ෂ නායකවරයා සඳහන් කළේ හොරා කෑ හොරු ටික අල්ලා, ඔවුන් රටට අහිමි කළ සම්පත් නැවත ලබා ගැනීමට අවශ්‍ය දූෂණ විරෝධී පනතක් ගෙන ආ යුතු වවත් මේ දෙබිඩි රංගනයට ඊට ඉඩ නොදෙන බවයි.

එසේ ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකරන බවට ජනාධිපතිවරයා, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සහ මහ බැංකු අධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ පාර්ශව කියා සිටිය ද හදිසියේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගත වීමට තීරණය කර ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

මෙලෙස ජනතාවට බොරු කියන්නේ ඇයි ද යන්න විමසන අතර මේ වෙනස් කිරීම තුළ රජය විසින් රටත් ජනතාවත් මහා අනතුරකට ලක් කර ඇති බව ඔහු සඳහන් කරනවා.

දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරිම තුළ රටේ ආර්ථික අස්ථාවරභාවයක් නිර්මාණය වන බවට රජය දැන සිටියේ නැත්ද? ඒවා නොදැන ද මෙම ගිවිසුම් ගැසුවේ? කියා විමසන බවත් පැවසූ විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ ලෝකයේ රටවල් රැසක් ජනතාව පැත්තෙන් ගිවිසුම් ගැසුවත් රාජපක්ෂ හිතවාදී වත්මන් රජයට ජනතාව ගැන හිතන්න බැරි වූයේ ඇයිද? කියා විමසන බවයි.

ලොව පුරා ගොස් දේශපාලන සංදර්ශන පවත්වා හැම දේම හරි බව පැවසුවත් රටේ ආර්ථිකය හැකිලෙන්නේ ඇයිද? කියා විමසන බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේ පරාටේ නීතිය හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ දේපල විකිණීම රජයේ ආර්ථික ප්‍රතිපත්තියක් ද? කියා ප්‍රශ්න කර සිටින බවයි.

එබැවින් රජයට කියා සිටින්නේ මේ බොරුවෙන් මිදී රටේ ජනතාවට සත්‍ය පවසන ලෙසත් දේශපාලන සූදු ක්‍රියාත්මක නොකරන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වගකිව යුතු විපක්ෂයක් ලෙස ශක්තිමත් ගිවිසුමකට එළඹීමට කාලය ලබා දුන්නත් රජය ජනතාව වෙනුවෙන් ඒ තීරණය ගැනීමට අපොහොසත් වූ බැවින් රටටත් ජනතාවටත් අහිතකර වන සියලු යෝජනා ප්‍රතික්ෂේප කරන බවයි.

සත්‍යවාදීව විවෘතව යථාර්ථවාදීව දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙළේ දී මතය වෙනස් කළේ ඇයිද? කියා ජනතාවට පැහැදිලි කරන ලෙසත් ඒ සම්බන්ධ පිළිතුරක් ලබා දෙන තුරු රටත් ජනතාවත් විපක්ෂයත් අපේක්ෂාවෙන් සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16