විනාඩියකට ඉවසීම නැති වූ පස්දරු පියා දුම්රිය හරස් මගේ දී අවසන් ගමන් යයි (ඡායාරූප)

කිලිනොච්චිය, කනකපුරම් දුම්රිය හරස් මාර්ගයේ දී ඊයේ (02) පස්වරුවේ යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

කිලිනොච්චිය පොලිසිය පැවසුවේ අනුරාධපුරය සිට යාපනය දක්වා ධාවනය වූ දුම්රියේ අදාළ යතුරුපැදිකරු ගැටී ඇති බවයි.

දුම්රිය ගමන් ගන්නා අවස්ථාවේ දී අදාළ යතුරුපැදිකරු වසා තිබූ කනකපුරම් දුම්රිය හරස් මාර්ගයෙන් සිය යතුරුපැදිය ධාවනය කිරීමට උත්සාහ ගත් අවස්ථාවේ මෙලෙස දුම්රියේ ගැටී ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ 44 හැවිරිදි වියේ පසු වූ පස්දරු පියෙක්.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයට යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
1
+1
7
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජේට සිද්ධ වුණ දේ ගැන රූපා කුමාරතුංග කට අරියි..ප්‍රේමදාස සතුටු වුණා විජේව එළොව යැව්වට
02:53
Video thumbnail
චමීර සලේ ගැන කරපු ඇස් උඩයන හෙළිදරව්ව මෙන්න..සලේ කට ඇරියොත් කිසි කෙනෙකුට ගැලවෙන්න බෑ
09:23
Video thumbnail
රාජපක්ෂලාට හොඳම එකෙන් දෙසයි..පපුවට අත තියලා කතා කරන වුන් කම්බ හොරු..
02:25
Video thumbnail
වාසුදේවගෙන් ප්‍රබල හෙළිදරව්වක්.."රංග දිසානායකට එරෙහිව අපරාධ නඩුවක් වුණත් දාන්න පුළුවන්.."
03:08
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය..ත්‍රීවිල් එක ෆ්ලැට් වෙලාම ගිහින් - කුඩේ කුඩු
01:37
Video thumbnail
ජනතාවට ඉදිරි සති දෙකේ ලොකු අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා..මෙයාලා කතාවට විතරයි දක්ෂ
02:57
Video thumbnail
කුමාර තිරිමාදුර හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ..අනිවාර්යෙන්ම ඔයාලව උසාවියට ගේනවම තමයි
02:32
Video thumbnail
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 15ක් පොලිසියෙන් කුදලන් එන හැටි
01:36
Video thumbnail
මහින්දගේ එයා‍ර් බස් සිද්ධිය ගැන රංජිත්ගෙන් සැර කතාවක්..නවීන් දැන් 'මචං' ලෙවල් එකෙන්ද..?
02:04
Video thumbnail
මේ ආණ්ඩුව තනිකරම L බෝඩ් පිනෝකියෝ ආණ්ඩුවක් වෙලා..
02:22