spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විනාඩියකට ඉවසීම නැති වූ පස්දරු පියා දුම්රිය හරස් මගේ දී අවසන් ගමන් යයි (ඡායාරූප)

කිලිනොච්චිය, කනකපුරම් දුම්රිය හරස් මාර්ගයේ දී ඊයේ (02) පස්වරුවේ යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

කිලිනොච්චිය පොලිසිය පැවසුවේ අනුරාධපුරය සිට යාපනය දක්වා ධාවනය වූ දුම්රියේ අදාළ යතුරුපැදිකරු ගැටී ඇති බවයි.

දුම්රිය ගමන් ගන්නා අවස්ථාවේ දී අදාළ යතුරුපැදිකරු වසා තිබූ කනකපුරම් දුම්රිය හරස් මාර්ගයෙන් සිය යතුරුපැදිය ධාවනය කිරීමට උත්සාහ ගත් අවස්ථාවේ මෙලෙස දුම්රියේ ගැටී ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ 44 හැවිරිදි වියේ පසු වූ පස්දරු පියෙක්.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයට යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
1
+1
7
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?