Empty Ad
AFC Banner
Empty Ad

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 07ක් (ඡායාරූප)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේ දී රුපියල් බිලියන 7ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබා දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ; එයින් රුපියල් බිලියන 4ක් ලබාදීම සඳහා වන චෙක්පත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නිල වශයෙන් භාර දුන් බවයි.

රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලැබූ මෙහෙයුම් අතිරික්තයෙන් මෙම මුදල ලබාදීම සිදුකර තිබෙනවා.

අදාළ රුපියල් බිලියන 7ක මුදලින් මීට පෙර රුපියල් බිලියන 3ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදීම සඳහා ජනාධිපතිවරයා වෙත භාරදීම සිදු කෙරුණු අතර එම මුදලින් රුපියල් මිලියන 100ක් මහරගම අපේක්ෂා රෝහලට ඖෂධ මිලදී ගැනීම සඳහා එම අවස්ථාවේ දී ම ලබාදීමට පියවර ගැනුණා.

මීට පෙර අවස්ථා කිහිපයක දී ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහා භාණ්ඩාගාරයට රුපියල් මිලියන 3382ක මුදලක් ලබා දී තිබුණ ද එක් වර්ෂයක් තුළ දී රුපියල් බිලියන 7ක මුදලක් ලබාදුන් පළමු අවස්ථාව මෙය වනවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ආර්. පී. ඒ. විමලවීර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි අසීස් යන මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය 2023 වර්ෂය තුළ ලබාගත් ප්‍රගතිය සම්බන්ධයෙන් සමාලෝචනයක් ද මින් අනතුරුව සිදු කෙරුණා.

අමාත්‍යාංශය විසින් මේ වන විට ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන වැඩසටහන් සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ජනාධිපතිවරයා ව දැනුවත් කළා.

මෙරට අවිධිමත් ආකාරයේ රැකියාවල නිරත වන පිරිසට ගෞරවයක් ලබාදෙමින් ඔවුන් ද සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා එක් කර ගැනීමට “ගරු සරු” වැඩසටහන ආරම්භ කර තිබෙන බවත් ඔවුන් ශ්‍රම වෙළෙඳපොළට අදාළ තොරතුරු පද්ධතියට ද සම්බන්ධ කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙරටට විදේශ ප්‍රේෂණ ගලා ඒම වර්ධනය කිරීම සඳහා විදේශගත ශ්‍රමිකයන්ගේ සංගම්, ස්මාට් ක්ලබ් වැඩසටහන යටතේ සිදු කරන වෘත්තීය මාර්ගෝපදේශන වැඩසහන් පිළිබඳවත් විදුලි මෝටර් රථ ආනයනයට බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කිරීම පිළිබඳවත් අමාත්‍යවරයා මෙහිදී කරුණු පෙන්වා දුන්නා.

ගත වූ මාස 18 ක කාලය තුළ විදේශ ප්‍රේෂණ වශයෙන් අමරිකානු ඩොලර් බිලියන 7.5ක් ලබා ගැනීමට හැකි වූ බව පැවසූ අමාත්‍ය මනුෂ නානායක්කාර විදේශගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට ගත් පියවර සහ රැකියා සඳහා පිටත්ව යන මගීන්ට ගුවන් තොටුපොළ තුළ වෙනම පර්යන්තයක් පිහිටුවීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයාව දැනුවත් කළා.

විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ මෙරටට විදේශ විනිමය ගලා එන ප්‍රධානතම ප්‍රභවයක් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් අමාත්‍ය මනූෂ නානායක්කාර ප්‍රමුඛ අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙළ අගය කළ අතර නව රැකීරක්ෂා පනත මගින් කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීමට ගෙන ඇති පියවර ද ඇගයීමට ලක් කළ බවත් ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයේ සඳහන්.

SLBFE Cheque Donation 2 scaled
SLBFE Cheque Donation 3 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28
Video thumbnail
තෙල් මිල අඩු වුණ නිසා අනතුරු වෙනවා වැඩියි ගැමුණු මාධ්‍ය හමුවේ රටටම කියයි
00:40

?