විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 07ක් (ඡායාරූප)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේ දී රුපියල් බිලියන 7ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබා දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ; එයින් රුපියල් බිලියන 4ක් ලබාදීම සඳහා වන චෙක්පත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නිල වශයෙන් භාර දුන් බවයි.

රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලැබූ මෙහෙයුම් අතිරික්තයෙන් මෙම මුදල ලබාදීම සිදුකර තිබෙනවා.

අදාළ රුපියල් බිලියන 7ක මුදලින් මීට පෙර රුපියල් බිලියන 3ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදීම සඳහා ජනාධිපතිවරයා වෙත භාරදීම සිදු කෙරුණු අතර එම මුදලින් රුපියල් මිලියන 100ක් මහරගම අපේක්ෂා රෝහලට ඖෂධ මිලදී ගැනීම සඳහා එම අවස්ථාවේ දී ම ලබාදීමට පියවර ගැනුණා.

මීට පෙර අවස්ථා කිහිපයක දී ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහා භාණ්ඩාගාරයට රුපියල් මිලියන 3382ක මුදලක් ලබා දී තිබුණ ද එක් වර්ෂයක් තුළ දී රුපියල් බිලියන 7ක මුදලක් ලබාදුන් පළමු අවස්ථාව මෙය වනවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ආර්. පී. ඒ. විමලවීර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි අසීස් යන මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය 2023 වර්ෂය තුළ ලබාගත් ප්‍රගතිය සම්බන්ධයෙන් සමාලෝචනයක් ද මින් අනතුරුව සිදු කෙරුණා.

අමාත්‍යාංශය විසින් මේ වන විට ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන වැඩසටහන් සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ජනාධිපතිවරයා ව දැනුවත් කළා.

මෙරට අවිධිමත් ආකාරයේ රැකියාවල නිරත වන පිරිසට ගෞරවයක් ලබාදෙමින් ඔවුන් ද සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා එක් කර ගැනීමට “ගරු සරු” වැඩසටහන ආරම්භ කර තිබෙන බවත් ඔවුන් ශ්‍රම වෙළෙඳපොළට අදාළ තොරතුරු පද්ධතියට ද සම්බන්ධ කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙරටට විදේශ ප්‍රේෂණ ගලා ඒම වර්ධනය කිරීම සඳහා විදේශගත ශ්‍රමිකයන්ගේ සංගම්, ස්මාට් ක්ලබ් වැඩසටහන යටතේ සිදු කරන වෘත්තීය මාර්ගෝපදේශන වැඩසහන් පිළිබඳවත් විදුලි මෝටර් රථ ආනයනයට බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කිරීම පිළිබඳවත් අමාත්‍යවරයා මෙහිදී කරුණු පෙන්වා දුන්නා.

ගත වූ මාස 18 ක කාලය තුළ විදේශ ප්‍රේෂණ වශයෙන් අමරිකානු ඩොලර් බිලියන 7.5ක් ලබා ගැනීමට හැකි වූ බව පැවසූ අමාත්‍ය මනුෂ නානායක්කාර විදේශගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට ගත් පියවර සහ රැකියා සඳහා පිටත්ව යන මගීන්ට ගුවන් තොටුපොළ තුළ වෙනම පර්යන්තයක් පිහිටුවීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයාව දැනුවත් කළා.

විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ මෙරටට විදේශ විනිමය ගලා එන ප්‍රධානතම ප්‍රභවයක් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් අමාත්‍ය මනූෂ නානායක්කාර ප්‍රමුඛ අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙළ අගය කළ අතර නව රැකීරක්ෂා පනත මගින් කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීමට ගෙන ඇති පියවර ද ඇගයීමට ලක් කළ බවත් ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයේ සඳහන්.

SLBFE Cheque Donation 2 scaled
SLBFE Cheque Donation 3 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14