විදේශ තැපැල් ගාස්තු අද සිට ඉහළට

විදේශ තැපැල් ගාස්තු අද (01) දිනයේ සිට ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඉන්ධන ගාස්තු, ඩොලරයේ වටිනාකම, ගුවන් ගාස්තු සහ ලංගම හා දුම්රිය ගාස්තු ඉහළ යෑම හේතුවෙන් එම පියවර ගෙන ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම ගාස්තු සංශෝධනයත් සමඟ දැනට පවතින ගාස්තුව මෙන් දෙගුණයක් දක්වා එම ගාස්තු ඉහළ යනවා.

මෙලෙස ගාස්තු වැඩිවීමක් සිදුවන්නේ වසර හතරකට පසුවයි.

ඒ, අනුව විදේශ ගුවන් තැපැල් ගාස්තු සහ විදේශ මුහුදු තැපැල් ගාස්තු යන දෙවර්ගය ම ඉහළ යන බවයි තැපැල් දෙපාර්තමේන්තුව දන්වා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?