spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

 විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට සිටින අයට සුබ පණිවිඩයක්

රැකියාවක් සදහා විදේශගතවීමේ අපේක්ෂාවෙන් සිටින ශ්‍රමිකයන්ට කඩිනමින් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ලබන සඳුදා(22) සිට විශේෂ කවුන්ටරයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විවෘත කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ බත්තරමුල්ල ආගමන විගමන කාර්යාලයේ පවතින දැඩි තදබදය හේතුවෙන් නව ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට අපේක්ෂා කරන පිරිසට දිනයක් සහ අංකයක් වෙන්කර ගැනීමට මාස දෙකකට ආසන්න කාලයක් බලා සිටීමට සිදුව තිබෙන බවයි

ඒ අනුව හදිසි විදෙස් ගමන් අපේක්ෂාවෙන් පසුවන ශ්‍රමිකයන් එමගින් බලවත් අපහසුතාවකට පත් වන බැවින් ආගමන හා විගමන පාලකවරයාගෙන් කළ විශේෂ ඉල්ලීමකට අනුව මෙම විශේෂ කවුළුව විවෘත කිරීමට පියවර ගෙන තිබෙන බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කරනවා

ඒ අනුව එළැඹෙන 22 වැනි දා සිට විශේෂ කවුළුව විවෘත කිරීමෙන් පසු කඩිනමින් නව ගුවන්ගමන් බලපත්‍ර ලබාගැනීමට පහසුකම් සැපයෙනු ඇති බවයි අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසා සිටියේ

ඒ අනුව ශ්‍රමිකයන් සඳහා විදෙස්ගත වීමට අදාළ සියලු ලේඛණ ඉදිරිපත් කිරීමට මෙම කවුළුව හරහා අවස්ථාව ලැබෙන අතර ,පෞද්ගලිකව විදෙස්ගතවන්නන්ට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලිපියක් සමග අනෙකුත් ලේඛණ ඉදිරිපත් කිරීමටත් අවස්ථාව සැලසෙනු ඇති

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?