විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට සිටින අයට සුබ පණිවිඩයක්

රැකියාවක් සදහා විදේශගතවීමේ අපේක්ෂාවෙන් සිටින ශ්‍රමිකයන්ට කඩිනමින් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ලබන සඳුදා(22) සිට විශේෂ කවුන්ටරයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විවෘත කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ බත්තරමුල්ල ආගමන විගමන කාර්යාලයේ පවතින දැඩි තදබදය හේතුවෙන් නව ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට අපේක්ෂා කරන පිරිසට දිනයක් සහ අංකයක් වෙන්කර ගැනීමට මාස දෙකකට ආසන්න කාලයක් බලා සිටීමට සිදුව තිබෙන බවයි

ඒ අනුව හදිසි විදෙස් ගමන් අපේක්ෂාවෙන් පසුවන ශ්‍රමිකයන් එමගින් බලවත් අපහසුතාවකට පත් වන බැවින් ආගමන හා විගමන පාලකවරයාගෙන් කළ විශේෂ ඉල්ලීමකට අනුව මෙම විශේෂ කවුළුව විවෘත කිරීමට පියවර ගෙන තිබෙන බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කරනවා

ඒ අනුව එළැඹෙන 22 වැනි දා සිට විශේෂ කවුළුව විවෘත කිරීමෙන් පසු කඩිනමින් නව ගුවන්ගමන් බලපත්‍ර ලබාගැනීමට පහසුකම් සැපයෙනු ඇති බවයි අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසා සිටියේ

ඒ අනුව ශ්‍රමිකයන් සඳහා විදෙස්ගත වීමට අදාළ සියලු ලේඛණ ඉදිරිපත් කිරීමට මෙම කවුළුව හරහා අවස්ථාව ලැබෙන අතර ,පෞද්ගලිකව විදෙස්ගතවන්නන්ට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලිපියක් සමග අනෙකුත් ලේඛණ ඉදිරිපත් කිරීමටත් අවස්ථාව සැලසෙනු ඇති



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41
Video thumbnail
රාජපක්ෂලාට බෝධි පූජා කරන්නත් තහනම් කරන්න යන්නේ ?ඕකට විරෝධයක් පල කරන්න ඕනි
02:57
Video thumbnail
නාමල්ට සෙත්පතා දෙවිනුවර රජමහා විහාරස්ථානයේදී පැවැත්වූ ආශිර්වාද පූජාව - සාගර, ලක්ෂ්මන් සෙට් එකම එයි
04:44
Video thumbnail
අද දිනයෙන් බොහෝ ප්‍රදේශවලට තද වැසි - ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක්
02:07
Video thumbnail
චමින්ද නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - හරිනි පෙන්නලා රට කෑවා වගේ වැඩක් මේ
07:36
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06