AFC Banner
AFC Banner
Empty Ad

විදේශීය සංචාරකයන්ට නව ඇප් එකක්

විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා භාෂා 7 කින් සමන්විත නව සංචාරක ජංගම යෙදවුමක් (app) හඳුන්වා දෙන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

අමාත්‍ය ප්‍රනාන්දු කියාසිටියේ ජංගම යෙදවුම මඟින් සියලුම ත්‍රිරෝද රථ ලියාපදිංචි කරන අතර විදේශීය සංචාරකයින්ට ස්කෑන් කිරීම සඳහා වාහනයේ කේතයක් ප්‍රදර්ශනය කරන බවයි.

පොලිසිය විසින් අදාළ යෙදවුම නිරීක්ෂණය කර කිසියම් සිදුවීමක් සිදුවුවහොත් නීතිමය පියවර ගන්නා බව ඔහු සඳහන් කළා.

ඇතැම් සංචාරක ප්‍රදේශවල විදේශිකයන් රැගෙන යන ත්‍රිරෝද රථ රියදුරන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම සිදුවන සිදුවීම් හේතුවෙන් මෙම පියවර ගන්නා බව සංචාරක අමාත්‍යවරයා කියා සිටියා.

මෙම ජංගම යෙදවුම තුළ දේශීය සංචාරක කර්මාන්තයේ පාර්ශවකරුවන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණ ස්ථාන සහ රටේ සංචාරක හෝටල් පිළිබඳ විස්තර ද ඇතුලත් කර තිබෙනවා.

විදේශීය සංචාරකයින්ගේ පහසුව සඳහා ජංගම යෙදවුමට ගෙවීම් පද්ධතියක් ද ඇතුළත් කර ඇති බවයි සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ මෙම නව යෙදවුම මාර්තු මස පළමු සතියේදී එළිදැක්වීමට නියමිත බවයි.

සංචාරක ක්ෂේත්‍රයේ ඉදිරි සැලසුම් ද හෙළි කළ අමාත්‍යවරයා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් කිහිපයක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සූදානම් වන බව අනාවරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?