AFC Banner
AFC Banner
Empty Ad

විදේශික සංචාරකයන් ගිය මෝටර් රථයකට වන අලියෙකු පහරදෙයි (ඡායාරූප)

කුඩා බිළිඳෙකු සහ තවත් කුඩා දරුවෙකු ද ඇතුලුව විදේශික සංචාරකයන් 4 දෙනෙකු ගමන් ගත් මෝටර් රථයකට වන අලියෙකු පහරදී තිබෙනවා.

අද පෙරවරු 11ට පමණ පොළොන්නරුව හබරණ මාර්ගයේ මින්නේරියට ආසන්න කැලෑබද ප්‍රදේශයකදී වන අලියා වාහනයට පහරදී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වාහනයේ ගමන් කර ඇත්තේ මාස 10ක බිළිඳෙක්, අවුරුදු 8ක පිරිමි දරුවෙක් සහ අවුරුදු 33 සහ 36 වයස්වල පසුවන අඹුසැමි යුවළක්.

ඔවුන් රුසියානු ජාතික සංචාරකයන් පිරිසක් බවටයි හෙළිවී ඇත්තේ.

ඔවුන් මෝටර් රථයෙන් හබරණ දෙසට ගමන් කරමින් සිටියදී වන අලියෙකු දැක වාහනය නතර කර ඉන් බැස අලියාගේ ඡායාරූප ලබා ගැනීමට උත්සාහ කර තිබෙනවා.

එහිදී වන අලියා මෝටර් රථය අසලට පැමිණ එය ඉවතට තල්ලු කිරීම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

වන අලියා කළ පහරදීමෙන් මෝටර් රථයේ පිටුපස දොරේ වීදුරුවට සහ පැති කණ්නාඩියකට අලාභ හානි සිදුවී තිබෙනවා.

රථයේ ගමන් කළ කිසිවෙකුට හානියක් සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.

මෙම මෝටර් රථය විදේශික යුවළ විසින් මාතර ප්‍රදේශයෙන් කුලී පදනම මත ලබාගෙන තිබූ එකක් බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් මින්නේරිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මෝටර් රථය සහ විදේශිකයන් ද පොලිසියට රැගෙන ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?