විදේශිකයන් පිරිසක් රැගත් කාර් රථයක් තණමල්විල දී මාරක රිය අනතුරක

ඇල්ල සිට තිස්සමහාරාමය දක්වා ප්‍රංශ ජාතික විදේශිකයන් පිරිසක් රැගත් කාර් රථයක් සහ තණමල්විල සිට ඌව කුඩාඔය දෙසට ගමන් ගත් යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අද (26) උදෑසන මාරක රිය අනතුරක් සිදු වී තිබෙනවා.

අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් තරුණයෙක් එම ස්ථානයේදීම මියගොස් ඇති අතර යතුරුපැදියේ පැමිණි තවත් අයෙක් බරපතල තුවාල ලබා තණමල්විල මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රථිකාර සදහා හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා ඇති බවට වාර්තා වනවා.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තණමල්විල, ඌව කුඩාඔය ප්‍රදේශයේ වයස අවුරුදු 29 ක පුද්ගලයක්.

අනතුර සම්බන්ධව මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව තණමල්විල පොලිසිය පවසනවා.

සිදු කළ විමර්ශයන්වලදී අනාවරණය වී තිබෙන්නේ මාර්ගය හරහා ගමන් ගත් තලගොයක් බේරීමට ගිය අවස්ථාවේදී අනතුර සිදුවී ඇති බවයි.

තණමල්විල පොලිසිය විසින් අනතුර සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරන අතර කාර් රථයේ රියදුරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටද නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
9
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අස්වැසුම ගන්න ආ මිනිස්සු දැඩි අසීරුතාවක
01:11
Video thumbnail
ගී කෝකිලාවියට සමුදෙන්න දේශපාලන ප්‍රබලයෙකුත් එයි.."එතුමිය වෙනුවෙන් මම අවු :18ක් කැපවුණා සර්"
01:47
Video thumbnail
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව උණුසුම් වෙයි.."බොරු අයවැයට අපි විරුද්ධයි..විරුද්ධයි"
01:32
Video thumbnail
සජිත් එක්ක තිබුණු තරහට රනිල්, අනුරව ජනපති කළේ
04:53
Video thumbnail
ජොන්ස්ටන්ගේ පුතා ජොහාන් ප්‍රනාන්දු FCIDයට
00:50
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28


?