විදේශිකයන් පිරිසක් රැගත් කාර් රථයක් තණමල්විල දී මාරක රිය අනතුරක

ඇල්ල සිට තිස්සමහාරාමය දක්වා ප්‍රංශ ජාතික විදේශිකයන් පිරිසක් රැගත් කාර් රථයක් සහ තණමල්විල සිට ඌව කුඩාඔය දෙසට ගමන් ගත් යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අද (26) උදෑසන මාරක රිය අනතුරක් සිදු වී තිබෙනවා.

අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් තරුණයෙක් එම ස්ථානයේදීම මියගොස් ඇති අතර යතුරුපැදියේ පැමිණි තවත් අයෙක් බරපතල තුවාල ලබා තණමල්විල මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රථිකාර සදහා හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා ඇති බවට වාර්තා වනවා.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තණමල්විල, ඌව කුඩාඔය ප්‍රදේශයේ වයස අවුරුදු 29 ක පුද්ගලයක්.

අනතුර සම්බන්ධව මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව තණමල්විල පොලිසිය පවසනවා.

සිදු කළ විමර්ශයන්වලදී අනාවරණය වී තිබෙන්නේ මාර්ගය හරහා ගමන් ගත් තලගොයක් බේරීමට ගිය අවස්ථාවේදී අනතුර සිදුවී ඇති බවයි.

තණමල්විල පොලිසිය විසින් අනතුර සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරන අතර කාර් රථයේ රියදුරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටද නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18