විදේශයන්හිදී ආපදාවට ලක් වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යාධාර වැඩසටහනක්

විදේශ රටවලදී මිය යන, ආබාධිත තත්ත්වයට පත් වන සහ අතුරුදන්වීම් ඇතුළු විවිධ ආපදාවන්ට ලක් වන ශ්‍රී ලාංකිකයන්ගේ මෙරට සිටින දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ශිෂ්‍යාධාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල සැලසුම් කර තිබෙනවා.

‘කිසිවෙක් අධ්‍යාපනයෙන් මගහැරීමට ඉඩ නොදීම’ යන සංකල්පය පෙරදැරි කර ගනිමින් ජනාධිපති අරමුදල, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ජනාධිපති අරමුදලේ සේවා ව්‍යාප්ත කිරීම පිළිබඳ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්, ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ යන අයගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කෙරුණා.

විදේශයන්හිදී ආපදාවලට ලක් වන විදෙස්ගත ශ්‍රමිකයන්ගේ මෙරට සිටින දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම සහ සුරක්ෂිත කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

‘අදාළ පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙක් වීම’ යන නිර්ණායකය පමණක් එහිදී සැලකිල්ලට ගැනෙන අතර, අදාළ ශිෂ්‍යත්ව ප්‍රදානය පිළිබඳ උපදෙස් සංග්‍රහය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි.

ජනාධිපති අරමුදල මේ වන විටත්, වන අලි ප්‍රහාරවලට ලක්ව මිය ගිය අයගේ දරුවන් වෙනුවෙන්ද මෙවැනි ආකාරයේ ශිෂ්‍යත්ව වැඩසටහනක් හඳුන්වා දී තිබෙන අතර ඉදිරියේදී විවිධ ක්ෂේත්‍ර කරා එය පුළුල් කිරීමට අපේක්ෂා කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
00:00
Video thumbnail
අජිත්ට නහුතෙටම තදවෙයි - මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ?.බෙහෙත් දෙන්න
02:48
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි..ගැ#මෙන් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළයි
01:12
Video thumbnail
චමින්ද නැගිටලා හතර වටේටම දෙසයි.."කථානයක මේක පුදුම පච කියවිල්ලක්නේ"
06:10
Video thumbnail
මොන ඔත්තේ ඉරට්ටේ තිබුණත් දිග පෝළිම්..තෙලුත් නෑ..ජනපතිට සතියෙන් සතියට ජනතාව දැනුවත් කරන්න වෙලා
04:47
Video thumbnail
"තෙල් තියෙනවා ඕන තරම්..මිනිස්සු බොරුවට බයවෙලා"ඉන්ධන ගැන තෙල් බවුසර් රියදුරන් කිව්ව දේ..
01:59
Video thumbnail
වර්තමාන ආණ්ඩුවට දිට්ඨ ධම්ම වේදනීය කර්මයට මුහුණ දෙන්න වෙලා..ගෝඨාභයා එලවන්න ජනතාව කුලප්පු කළා
06:02
Video thumbnail
Selfie ගන්න ගිය සිසුවියක් ලෝකාන්තයේ ප්‍රපාතයකට වැ#යි
01:53
Video thumbnail
ආණ්ඩුව වැලේ වැල් නැතුව ඉන්නේ
00:49
Video thumbnail
විමල් ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
14:50