විදෙස් රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ කාන්තාවක් අත්අඩංගුවට

විදේශ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් ලක්ෂ 81ක් වංචා කර සැඟව සිටි කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන යන සැකකාරිය ඊශ්‍රායලය හා කටාර් රාජ්‍යයන්වල සාත්තු සේවයේ සහ හෝටල්වල රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් 33 දෙනෙකුගෙන් මෙම මුදල් ලබාගෙන ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

එලෙස මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් හලාවත අධිකරණයට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් ද ලැබී තිබුණා.

ඒ අනුවයි හලාවත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සැකකාරිය නිකවැරටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකාරිය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
6
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හානිය විශාලයි..නමුත් වැටිච්ච හැම වෙලාවකම අපි නැගිට්ටා..මාසයක් ඇතුළත අනෙකුත් සංවර්ධන කටයුතු කරනවා
06:39
Video thumbnail
අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
00:20
Video thumbnail
වගාවන් සම්පූර්ණයෙන් විනාශවීම නිසා ගොවියන් දැඩි අපහසුතාවයට.."අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි.."
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29


?