විදෙස් රැකියා පෙන්වා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

දෝහා කටාර් රාජ්‍යයයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යංශයට ලැබුණු පැමිණිලි 06ක් මත සිදු කළ විමර්ශන අනුවයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිතී අංශය මගින් අදාළ සැකකරු එප්පාවල, එළියදිවුල්වැව පිහිටි නිවසේ රැදී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ බවට පැමිණිලි කළ පිරිසගෙන් සැකකරු රුපියල් ලක්ෂ 16ක පමණ මුදල් වංචා කර ඇති බවට වංචාවට හසුවූ පිරිස් මුදල් බැංකු ගත කළ රිසිට්පත් මගින් තහවුරු වී ඇතැයි සඳහන්.

මෙම පුද්ගලයා විසින් විශ්‍රාමික යුද, ගුවන් සහ නාවික යන ත්‍රිවිධ හමුදා නිලධාරීන් හා පොලිස් නිලධාරීන්ට මෙලෙස වංචා සිදු කර ඇති බව හෙළිවී තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබුණු පැමිණිලි 06ට අමතරව මෙම පුද්ගලයා විසින් තවත් වංචාවන් සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් ද පරීක්ෂණ සිදු කරන බවයි කාර්යංශය ප්‍රකාශ කළේ.

රැකියා සම්බන්ධයෙන් විමසීමට මුදල් ලබා දුන් පුද්ගලයින් පැමිණි අවස්ථාවන්වලදී සැකකරු විසින් බැන පහර දීමට උත්සහ කර මුදල් ලබා දීම මග හැර ඇති බවට ද එප්පාවල පොලිසියට පැමිණිලි ලැබී තිබෙනවා.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ තමන් ද අතරමැදියකු වන අතර වෙනත් පුද්ගලයකුට රැවටී මෙම මුදල් ඔහුට ලබා දී ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු එප්පාවල පොලිස් ස්ථානයට භාර දී ඇති අතර ඔහු අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?