විදෙස් රටකින් මෙරටට හොරෙන් ගේන්න හැදූ සිගරට් සමග මගියෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් ගෙන ඒමට උත්සාහ කළ ගුවන් මගියෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අද (04) අලුයම මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින්.

මෙම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 33ක් පමණ වන බවත් හෙළිව තිබෙනවා.

සැකකාර තැනැත්තා කොච්චිකඩේ – පල්ලන්සේන ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි නිරතුරුව ගුවන් ගමන්වල යෙදෙන ව්‍යාපාරිකයෙකු බවයි පැවසෙන්නේ.

ඔහු අද අලුයම 03.25 ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 394 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

සැකකරු විසින් රැගෙන ආ ගමන් මළු තුළ ” මැන්චෙස්ටර් ” වර්ගයේ දුම්වැටි 22,000ක් අඩංගු දුම්වැටි කාටූන් 110 ක් සඟවා ගෙන සිටියදී, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයාගනු ලැබුවා.

මේ වනවිට සැකකරුට පොලිස් ඇප ලබා දී ඇති අතර, මොහු එළඹෙන 11 වැනි දින නීතිවිරෝධී ආනයනය, සන්තකයෙහි තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ, ඔහු විසින් රැගෙන ආ දුම්වැටි තොගය ද සමග මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30