AFC Banner
Empty Ad
Empty Ad

විදෙස් රටකින් මෙරටට හොරෙන් ගේන්න හැදූ සිගරට් සමග මගියෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් ගෙන ඒමට උත්සාහ කළ ගුවන් මගියෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අද (04) අලුයම මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින්.

මෙම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 33ක් පමණ වන බවත් හෙළිව තිබෙනවා.

සැකකාර තැනැත්තා කොච්චිකඩේ – පල්ලන්සේන ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි නිරතුරුව ගුවන් ගමන්වල යෙදෙන ව්‍යාපාරිකයෙකු බවයි පැවසෙන්නේ.

ඔහු අද අලුයම 03.25 ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 394 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

සැකකරු විසින් රැගෙන ආ ගමන් මළු තුළ ” මැන්චෙස්ටර් ” වර්ගයේ දුම්වැටි 22,000ක් අඩංගු දුම්වැටි කාටූන් 110 ක් සඟවා ගෙන සිටියදී, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයාගනු ලැබුවා.

මේ වනවිට සැකකරුට පොලිස් ඇප ලබා දී ඇති අතර, මොහු එළඹෙන 11 වැනි දින නීතිවිරෝධී ආනයනය, සන්තකයෙහි තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ, ඔහු විසින් රැගෙන ආ දුම්වැටි තොගය ද සමග මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?