AFC Banner
AFC Banner
Empty Ad

විදෙස් යුවළක් ගමන්ගත් වෑන් රථයක් දක්ෂිණ අධිවේගයේ දරුණු අනතුරක (ඡායාරූප)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 0.1 කොට්ටාව ප්‍රදේශයේ දී ලොරි රථයක පිටුපස වෑන් රථයක් ගැටීමෙන් ඊයේ (30) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් වෑන් රථයේ රියදුරු සහ එහි ගමන් ගත් රුසියානු ජාතික යුවළක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

විදෙස් ජාතික යුවළ බෙන්තොට ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිට කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන යමින් සිටි අවස්ථාවේ දී වෑන් රථයට මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් රියදුරුගේ සහ විදෙස් ජාතික යුවළගේ පාද වලට බරපතල හානි සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ හෝමාගම මූලික රෝහල වෙතයි.

වෑන් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර වන්නට ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරට ලක්වූ රුසියානු ජාතික යුවළ වයස අවුරුදු 55 සහ 59 යන වයස්වල පසුවන අතර, රියදුරු 25 හැවිරිදි වියේ පසුවන්නෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?