විදෙස් යුවළක් ගමන්ගත් වෑන් රථයක් දක්ෂිණ අධිවේගයේ දරුණු අනතුරක (ඡායාරූප)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 0.1 කොට්ටාව ප්‍රදේශයේ දී ලොරි රථයක පිටුපස වෑන් රථයක් ගැටීමෙන් ඊයේ (30) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් වෑන් රථයේ රියදුරු සහ එහි ගමන් ගත් රුසියානු ජාතික යුවළක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

විදෙස් ජාතික යුවළ බෙන්තොට ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිට කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන යමින් සිටි අවස්ථාවේ දී වෑන් රථයට මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් රියදුරුගේ සහ විදෙස් ජාතික යුවළගේ පාද වලට බරපතල හානි සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ හෝමාගම මූලික රෝහල වෙතයි.

වෑන් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර වන්නට ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරට ලක්වූ රුසියානු ජාතික යුවළ වයස අවුරුදු 55 සහ 59 යන වයස්වල පසුවන අතර, රියදුරු 25 හැවිරිදි වියේ පසුවන්නෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21