වත්මන් රටේ ආර්ථික අර්බුදය හමුවේ මේ වන විට විදෙස් ගතවන පිරිස අති විශාල ලෙස වැඩි වී තිබෙනවා. අද දිනයේ බත්තරමුල්ල ආගමනන විගමන දෙපාර්තමේන්තුවට පැමිණි පිරිස එක්දින සේවාවේ සේවය ලබා ලබාගැනීම සඳහා පැමිණ සිටි පිරිස රැඳී සිටි පෝලිම කිලෝමීටර එක හමාරකට වඩා දිගින් වැඩි වූ බවයි වාර්තා වන්නේ.මේ වන විට ආගම්න විගමන දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සැපයුම් සේවාවට මෙම අධික ඉල්ලුම දරාගත නොහැකි මට්ටමට පත්වී ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සදහන් කලේ.ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය සකසා ඇත්තේ සාමාන්‍යයෙන් දිනකට එක් දින සේවාවෙන් විදෙස් ගමන් බලපත්‍ර 1500ක උපරිමයක් දක්වා නිකුත් කළ හැකි ආකාරයෙන් බවයි එම ප්‍රකාශකයා සදහන් කළේ.
මේ වන විට මතුවී ඇති අධික ඉල්ලුම හේතුවෙන් එම ධාරිතාව දෙගුණය ඉක්මවා ක්‍රියාත්මක වන බවයි ඔහු සඳහන් කළේ.මේ නිසා අද වන විට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අංශය සේවා මුර දෙකක් හරහා ක්‍රියාත්මක වන බවත් ඒ අනුව එම අංශය රාත්‍රී 11 පමණ වනතුරු සතියේ දින පහ පුරාම අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් ඔහු කියා සිටියා.ඒ අනුව මේ වන විට දිනකට එක් දින සේවාව යටතේ පමණක් විදෙස් ගමන් බලපත්‍ර 3000 කට වැඩි ප්‍රමාණයක් නිකුත් කරන බවයි ඔහු අප සමග කියා සිටියේ.