විදෙස් ගතවන පිරිස වැඩි වෙයි – බලපත්‍ර නිකුත් කිරීමේ ධාරිතාව දෙගුණ වෙයි

වත්මන් රටේ ආර්ථික අර්බුදය හමුවේ මේ වන විට විදෙස් ගතවන පිරිස අති විශාල ලෙස වැඩි වී තිබෙනවා. අද දිනයේ බත්තරමුල්ල ආගමනන විගමන දෙපාර්තමේන්තුවට පැමිණි පිරිස එක්දින සේවාවේ සේවය ලබා ලබාගැනීම සඳහා පැමිණ සිටි පිරිස රැඳී සිටි පෝලිම කිලෝමීටර එක හමාරකට වඩා දිගින් වැඩි වූ බවයි වාර්තා වන්නේ.මේ වන විට ආගම්න විගමන දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සැපයුම් සේවාවට මෙම අධික ඉල්ලුම දරාගත නොහැකි මට්ටමට පත්වී ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සදහන් කලේ.ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය සකසා ඇත්තේ සාමාන්‍යයෙන් දිනකට එක් දින සේවාවෙන් විදෙස් ගමන් බලපත්‍ර 1500ක උපරිමයක් දක්වා නිකුත් කළ හැකි ආකාරයෙන් බවයි එම ප්‍රකාශකයා සදහන් කළේ.

මේ වන විට මතුවී ඇති අධික ඉල්ලුම හේතුවෙන් එම ධාරිතාව දෙගුණය ඉක්මවා ක්‍රියාත්මක වන බවයි ඔහු සඳහන් කළේ.මේ නිසා අද වන විට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අංශය සේවා මුර දෙකක් හරහා ක්‍රියාත්මක වන බවත් ඒ අනුව එම අංශය රාත්‍රී 11 පමණ වනතුරු සතියේ දින පහ පුරාම අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් ඔහු කියා සිටියා.ඒ අනුව මේ වන විට දිනකට එක් දින සේවාව යටතේ පමණක් විදෙස් ගමන් බලපත්‍ර 3000 කට වැඩි ප්‍රමාණයක් නිකුත් කරන බවයි ඔහු අප සමග කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාට බාධා කිරීම නිසා නහුතෙටම තදවෙයි - ඇයි අපිට කරදර කරන්නේ..අපි මේක දාලා යන්නම්
02:23
Video thumbnail
කාදිනල් හිමි හමුවී හර්ෂණ, නලින්ද කිව්ව දේ - "මම ප්‍රතිචාර දෙන්නේ නෑ ඔයාගේ ප්‍රශ්නයට"
13:22
Video thumbnail
පද්මන් සූරසේන පාර්ලිමේන්තුවට ගෙනත් අධිකරණ ඇමති කරන්න - බන්ධනාගාරයත් බලයි
11:47
Video thumbnail
නැව් 19යෙම ගෙනාවේ බාල ගල් අඟුරු..අරහේ මෙහෙ අතගාන්න එන්න එපා - මරික්කාර් රිදෙන්න දෙයි
06:06
Video thumbnail
චාමර යකා නටයි"කාදිනල් හිමි මට නඩු දානවා කිව්වා..කමක් නෑ මට දැම්මට"
01:30
Video thumbnail
චාමරගෙන්, පූජිත් සහ හේමසිරි ගැන ප්‍රබල හෙළිදරව්වක් - ජනපති අත්සන් කරලා එ#ලන්න කියන්න
03:45
Video thumbnail
හොඳටම සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින් - සත්තුන්ට දෙයියන්ගෙම පිහිටයි..
01:08
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද අගරදගුරු නිල නිවසට
01:31
Video thumbnail
චමින්දගේ වරප්‍රසාද නිසා සජිත් පාර්ලිමේන්තුවේ යකා නටයි - විපක්ෂ නායකට කතා කරන්න අයිතියක් නැද්ද ?
02:07
Video thumbnail
සතා ගැන අර්ථ නිරූපණයක් කළ ලාල්කාන්ත - කවුරුත් මේකට විරුද්ධ නෑනේ
17:13