විදෙස් ආයෝජන දිරි ගැන්වීමට නව ඒකාබද්ධ කම්කරු නීතියක්

දැනට පවතින කම්කරු නීතියේ සංකීර්ණ තත්ත්ව මගහැරෙන ලෙස නව ඒකාබද්ධ කම්කරු නීතිය සකස් කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කකළා.

ඒ අනුව මෙම ඒකාබද්ධ නීතිය සැකසීම සදහා මහජනතාව ඇතුළු අදාළ සියලු පාර්ශවයන්හි අදහස් හා යෝජනා ලබා ගැනීම මැයි 2 වැනිදා සිට ආරම්භ කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ පාර්ලිමේන්තුවේදී පැවති කම්කරු හා විදේශ රැකියා කටයුතු අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී යි.

දැනට සංකීර්ණ ලෙස විසිරී පවතින මෙරට කාර්මික නීතිය ඒකාබද්ධ කම්කරු නීතියක් බවට පත්කිරීමට අපේක්ෂා කරන බවත්, දේශීය හා විදේශීය ආයෝජකයන් දිරිමත් කිරීම සදහා එය කාලීන වශයෙන් අත්‍යවශ්‍ය පියවරක් බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙනු ලැබුවා. මේ අනුව නව ඒකාබද්ධ නීතිය මඟින් සේවා යෝජකයින් සහ සේවකයන් අතර ඇති වන ආරවුල් පහසුවෙන් විසඳීමට හැකියාව ලැබෙනු ඇති. විශේෂයෙන් මෙරටට පැමිණෙන ආයෝජකයින්ට ව්‍යාපාර කටයුතු පහසුවෙන් ආරම්භ කිරීමට සහ පවත්වාගෙන යාමට පහසුකම් සැලසීම සඳහා මෙම නව නීති හේතුවන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි වී නොමැති ව්‍යාපාර පිළිබදව ද මෙහිදී අවධානය යොමු වුණා. මේ වන විට සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි වී ඇත්තේ ව්‍යාපාරික සමාගම් 80,000ක් පමණක් බව අමාත්‍යවරයා පෙන්වා දුන් අතර මන්ත්‍රීවරුන් අවධාරණය කළේ ලියාපදිංචි නොකළ සමාගම්වලට එරෙහිව කඩිනමින් පියවර ගත යුතු බවයි.

ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල ලියාපදිංචි වී ඇති ව්‍යාපාර පිළිබඳ තොරතුරු කම්කරු අමාත්‍යාංශය වෙත එවන ලෙස සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට, පළාත් පාලන ආයතන කොමසාරිස්වරුන්ට ලිඛිතව දැනුම් දීමට මෙහිදී තීරණය කෙරුණා. එසේම එවැනි සමාගම් සඳහා ගතහැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සැලැස්මක් මාසයක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස ද අමාත්‍යවරයා කම්කරු දෙපාර්තමේන්තුවට සහ සේවක අර්ථසාධක අරමුදලට උපදෙස් දී තිබෙනවා.

විදේශ රැකියා පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලබා දුන් අතර එසේම විදේශ ශ්‍රමිකයින් යැවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂ කෝටාවක් ලබාදී නොමැති බවද ඔහු සඳහන් කළා.

තවද නුපුහුණු ශ්‍රමිකයන් 26,000ක් සහ පුහුණු ශ්‍රමිකයන් 60,000කට අධික පිරිසක් ඇතුළුව 90,000කට ආසන්න පිරිසක් මෑත කාලයේ විදේශ රැකියා සඳහා යොමු කර ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධානියා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ.

මේ අතර රුමේනියාවේ ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලු විසඳීම සඳහා රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීමට ගත් පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා – රුමේනියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා මෙහිදී සිය කෘතඥතාව පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58