විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට මෙරටින් අලුත් ණය යෝජනා ක්‍රමයක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරට ඕනෑම වානිජ බැංකුවකට එවන විදේශ සම්ප්‍රේෂණ තුළින් සුවිශේෂී ණය මුදලක් ලබාගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සූදානම් වනවා.

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වානිජ බැංකුවල ඇති අනේවාසික ගිණුම්වලට මාසයකට එවන ලද මුදල මෙන් පස් ගුණයක පොලී රහිත ණය මුදලක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

මේ යෝජනාව සඳහා මෙරට වානිජ බැංකු ද එකඟතාව පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?