විදෙස්ගතව සිටි පැමිණෙන පුද්ගලයන්ට නිරෝධායන නීති වෙනස් වුනු හැටි මෙන්න

කොවිඩ් එන්නත ලබා නොගත් පුද්ගලයින් විදේශ ගතව සිට පැමිණ හෝටල් හි නිරෝධායන වන කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින් ගේ PCR පරීක්ෂණ පැමිණීමේ දිනයේ දී සහ 07 වන දිනය තුල සිදුකරන අතර එම වාර්තාවේ ප්‍රථිපල අනුව දින 07ක නිරෝධයනයෙන් පසු නිවෙස කරා යාමට ඉඩ සලසා දේ. නිවෙසට පැමිණීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දීමෙන් පසු ඉතිරි දින 07ක කාලය නිවෙස් නිරෝධායනයේ පසුවිය යුතුය.

සාමාන්‍ය නිරෝධායන මධ්‍යස්ථාන තුල නිරෝධායනයට ලක්වන විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින් ගේ පැමිණි දිනයේදී සහ දින 10 කට පසුව PCR පරීක්ෂණ වලට ලක් කෙරෙනු ඇත.

එම PCR පරීක්ෂණ දෙකේ ප්‍රථිපල අනුව ඔවුන්ට නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පිටව යෑමට අවසරය හිමිවේ. නිවසට යාමෙන් පසු සෙසු දින 04 ක කාලය නිවෙස් නිරෝධායනයේ පසුවිය යුතුය. මේ අතර කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ විදේශයන්හි සිට මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහන් වන නිරෝධායන ක්‍රියාවලිය යාවත්කාලින කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කොවිඩ් 19 සඳහා වන එන්නතේ නිර්දේශිත මාත්‍රාවන් සම්පුර්ණ කිරීමෙන් සති දෙකකට පසුව ශ්‍රී ලාංකික පුරවැසියන් / ද්විත්ව පුරවැසියන් සහ විදේශීය පුරවැසියන් මෙරටට පැමිණිය යුතු අතර ගුවන් තොටුපොළේ දී එන්නත් කරණය සම්බන්ධයෙන් වන සහතිකයේ මුල් පිටපත (ඉංග්‍රීසි භාෂාවෙ පරිවර්ථනයක් ද සහිතව ) ගුවන් තොටුපොල බලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතුය.

ඉන් අනතුරුව ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙතට යොමු කරනු ලබන අතර පැය 24 ක කාලයක් තුලදී PCR පරීක්ෂණයකට ලක් කරනු ඇත. එම PCR වාර්තාවේ ප්‍රථිපල අනුව ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිදහස් කිරීමට කටයුතු කෙරෙනු ඇත. නිරෝධායන මධ්‍යස්ථානයේ සිට සිය නිවෙස් කරා යාමට ඔවුන් ගමන් පහසුකම් සපයා ගැනීම සිදුකළ යුතුය. නිවෙසට පැමිණීමෙන් පසු ප්‍රදේශය භාර සෞඛ්‍ය බලධාරීන් වෙත දැනුම් දීම සිදුකළ යුතුය.

නිසි එන්නත්කරණයකට ලක්ව සිටින සහ PCR පරීක්ෂණයෙන් සමත්වන පුද්ගලයින් නිවෙස් නිරෝධායනයට ලක්වීමේ අවශ්‍යතාවයක් නොමැත. නිවසට පැමිණීමෙන් දින 07 කට පසුව ඔවුන් යලිත් වරක් PCR පරීක්ෂණයකට ලක්විය යුතුය. යම් හෙයකින් මෙලෙස පැමිණෙන පුද්ගලයින්ට ස්වශන ආබාධ හෝ වෙනත් රෝග ලක්ෂණ පෙන්නුම් කළහොත් ඔවුන් වහාම සෞඛ්‍ය බලධාරීන්ට ඒ පිළිබඳව දැනුම්දිය යුතුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09