විදුහල්පති වෙනුවෙන් දෙමාපියන් සහ ගුරුවරුන් අතර උණුසුම් තත්වයක්

අනුරාධපුර, කැකිරාව අධ්‍යාපන කලාපයේ ගන්තිරියාගම, මහින්ද මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට එරෙහිව එම විද්‍යාලය ඉදිරිපිට දී අද (22) දෙමාපියන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා.

දෙමාපියන් චෝදනා කරන්නේ වැඩබලන විදුහල්පතිවරයාගේ පරිපාලන කටයුතු දුර්වල වීම හේතුවෙන් පාස⁣ල් දරුවන්⁣ගේ අධ්‍යාපන කටයුතු අඩාල වෙමින් සහ විනය පිරිහෙමින් පවතින බවයි.

එම නිසා එම විදුහල්පතිවරයා පාසලෙන් ඉවත් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියා.

විරෝධතාවය අතරට විද්‍යාලයේ ගුරුභවතුන් කීපදෙනෙකු පැමිණ සාකච්ජා කළ අතර, එහිදී උණුසුම් තත්වයක් ඇති වී තිබෙනවා.

අනතුරුව විරෝධතාකරුවන් හමුවීමට කැකිරාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පැමිණි අතර මෙම පාසලේ පවතින ගැටලුව සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන කාර්යාලය දැනුම්වත් කළ බවත්, මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් අද දිනය ඇතුළත ගන්නා බවටත් පැවසීමෙන් පසු විරෝධතාවය අවසන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
9
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !