විදුලි සෝපානයක් කඩා වැටී පුද්ගලයෙකු මරුට

ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට ගොඩනැගිල්ලේ පිහිටි විදුලි සෝපානයක් කඩා වැටීමෙන් එහි සුපිරි සාප්පු සංකීර්ණයක සේවය කරන තරුණයෙකු අද (29) දහවල් බරපතළ තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ එම ආයතනයේ සහකාර කළමනාකාරවරයෙකු ලෙස සේවය කළ 29 හැවිරිදි අක්මීමන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

මියගිය තරුණයා බිම් මහලේ සිට ඇති බවත් බිම් මහලේ සිට තුන්වන මහල දක්වා භාණ්ඩ ගෙන යන අතරතුර තුන්වන මහලේ සිට විදුලි සෝපානය ඔහුගේ හිස මතට කඩා වැටී ඇති බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

එය කඩා වැටුණු වහාම අවට සිටි පිරිස් විසින් බරපතළ තුවාල ලැබූ තරුණයා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කළ ද ඔහු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.

මරණ පරීක්ෂණය ගාල්ල හදිසි මරණ පරීක්ෂක ගාමිණී කුලසිංහ මහතා විසින් සිදු කරනු ලැබූ අතර මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
3
+1
27
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?