විදුලි සේවකයින් පාරට බහින්න සැරසෙයි

විදුලි බිල ඉහළ නැංවීමේ යෝජනාව අද (02) දිනයේ විෂය භාර අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

කෙසේ වෙතත් එම යෝජනාවට අනුව විදුලි බිල වැඩිකිරීමක් සිදුකළ හොත් හෙට (03) දිනයේ දී විදුලිබල මණ්ඩලයේ සේවකයින් පාරට බැස ඊට විරෝධය පළකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් සඳහන් කළා.

අද දිනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

ඒ, අනුව දිවයින පුරා සිටින විදුලිබල මණ්ඩල සේවකයින් හෙට (03) දහවල් 12.00 සිට 2.00 දක්වා විරෝධතාවේ නිරතවීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

රජය විසින් විදුලිබිල වැඩි කිරීම ගෙන එන යෝජනාවට මේ වනවිට පාර්ශ්ව රැසකගේ දැඩි විරෝධය එල්ල වී තිබෙනවා.

https://youtu.be/3Q6-vBaB6bk
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?