විදුලි සේවකයින්ගේ නිවාඩු නැවත දැනුම් දෙනතුරු අවලංගු කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි බල මණ්ඩල සේවකයින්ගේ නිවාඩු නැවත දැනුම් දෙනතුරු අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් ජනපති නියමයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් පෙරේදා (21) රාත්‍රියේ නිකුත් කරනු ලැබුවා.

1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මේ සඳහා අත්සන් තබා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?