AFC Banner
AFC Banner
Empty Ad

විදුලි බිල වැඩි කළොත් විසන්ධි කිරීම්වලට යන්නේ නෑ !

ජනවාරි මාසයේ සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට පියවර ගතහොත් විදුලි බිල ගෙවීම පැහැර හරින නිවෙස්වල විදුලි සැපයුම් විසන්ධි කිරීමට කටයුතු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩල එක්සත් වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ විදුලි ගාස්තු වැඩිකර තිබියදීත් සේවකයන් විදුලි සැපයුම විසන්ධි කිරීමට ගියහොත් ජනතාවගේ ප්‍රතිචාරය භයානක වියහැකි බවයි.

එසේ වුවහොත් සේවකයන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් ඇතිවන බවයි ඔහු සඳහන් කළේ.

ජනවාරි මාසයේ සිට විදුලි බිල යළිත් ඉහළ දැමීමට කටයුතු කරන බවට විෂය භාර අමාත්‍යවරයා පසුගියදා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් අද ඔහු මෙම අදහස් පළ කළා.

රංජන් ජයලාල් මහතා රජයට අභියෝග කළේ හැකි නම් ජනවාරි මස 4 වනදාට විදුලි බිල ඉහළ නංවන ලෙසටයි.

එසේ වුවහොත් ලක්ෂ 74ක ජනතාවක් සමග පාරට බසින අතර බලශක්ති ක්ෂේත්‍රය පදනම් කර ගනිමින් රජයට ගෙදර යාමට සිදුවනු ඇති බවටයි ඔහු අනතුරු අගවන්නේ.

විදුලි කප්පාදු කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව යොදා ගැනීමට සිදුවනු ඇති බව ද ඔහු කියාසිටියේ.

රජය ගන්නා මෙම ක්‍රියාමාර්ග වෙනුවෙන් වර්ජන ක්‍රියාමාර්ගවලට නොයන අතර ජනතාව සමග එක්වී විරෝධය දක්වන බව ද රංජන් ජයලාල් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?