විදුලි බිල වැඩි කළොත් විසන්ධි කිරීම්වලට යන්නේ නෑ !

ජනවාරි මාසයේ සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට පියවර ගතහොත් විදුලි බිල ගෙවීම පැහැර හරින නිවෙස්වල විදුලි සැපයුම් විසන්ධි කිරීමට කටයුතු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩල එක්සත් වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ විදුලි ගාස්තු වැඩිකර තිබියදීත් සේවකයන් විදුලි සැපයුම විසන්ධි කිරීමට ගියහොත් ජනතාවගේ ප්‍රතිචාරය භයානක වියහැකි බවයි.

එසේ වුවහොත් සේවකයන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් ඇතිවන බවයි ඔහු සඳහන් කළේ.

ජනවාරි මාසයේ සිට විදුලි බිල යළිත් ඉහළ දැමීමට කටයුතු කරන බවට විෂය භාර අමාත්‍යවරයා පසුගියදා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් අද ඔහු මෙම අදහස් පළ කළා.

රංජන් ජයලාල් මහතා රජයට අභියෝග කළේ හැකි නම් ජනවාරි මස 4 වනදාට විදුලි බිල ඉහළ නංවන ලෙසටයි.

එසේ වුවහොත් ලක්ෂ 74ක ජනතාවක් සමග පාරට බසින අතර බලශක්ති ක්ෂේත්‍රය පදනම් කර ගනිමින් රජයට ගෙදර යාමට සිදුවනු ඇති බවටයි ඔහු අනතුරු අගවන්නේ.

විදුලි කප්පාදු කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව යොදා ගැනීමට සිදුවනු ඇති බව ද ඔහු කියාසිටියේ.

රජය ගන්නා මෙම ක්‍රියාමාර්ග වෙනුවෙන් වර්ජන ක්‍රියාමාර්ගවලට නොයන අතර ජනතාව සමග එක්වී විරෝධය දක්වන බව ද රංජන් ජයලාල් ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14