විදුලි බිලත් දෙගුණයකින් ඉහළට

සෑම විදුලි ඒකකයකින්ම රුපියල් දහතුනක පාඩුවක් සිදුවන බැවින් විදුලි බිල වැඩි කරමින් රුපියල් කෝටි දහහතර දාහක අමතර ආදායමක් ලබාගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.
ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ විදුලි බිල වැඩි කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ලැබී ඇති අතර එම යෝජනාවලිය අධ්‍යයනය කර සංශෝධන සහිතව අනුමැතිය ලබාදෙන බව එම කොමිෂන් සභාව පවසනවා.  ඒ අනුව ඒකක තිහක් දක්වා වූ විදුලි පාරිභෝගිකයකුට මෙතෙක් කල් විදුලි ඒකකයක් ලබාදුන්නේ රුපියල් දෙකයි ශත පනහකටය. ඒ සඳහා ස්ථාවර ගාස්තු ලෙස රුපියල් තිහක් අයකරන ලදී.  නව යෝජනාවලියට අනුව ඒකකය රුපියල් පහයි ශත පනහ දක්වා වැඩිවන අතර, ස්ථාවර ගාස්තුව රුපියල් 290 දක්වා වැඩි වෙයි.

ගෘහස්ථ පරිභෝජනයේදී විදුලිය පාවිච්චිය සඳහා කාණ්ඩ හතක් යටතේ ගාස්තු සංශෝධනය කර තිබේ.  රාජ්‍ය ආයතන, කර්මාන්ත, හෝටල්, වෙළෙඳසල් හා ආගමික සිද්ධස්ථාන සඳහා මිල සංශෝධනය සිදුකර ඇත. කර්මාන්ත සඳහා අවම වශයෙන් 38%ක විදුලි බිල වැඩිවීමක්ද, හෝටල් සඳහා 23%ක විදුලි බිල වැඩිවීමක්ද, රාජ්‍ය ආයතන සඳහා 22%ක් වැඩිවීමක්ද අවම වශයෙන් සිදුවන බව එම යෝජනාවලියේ සඳහන් වෙයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රීවීල් එකකට රෝද තුනක් දීලා තියෙන්නේ මෙහෙම දෙකකින් යන්නද ?..වාහනත් නවත්තගෙන වැඩ පෙන්නන හැටි
00:44
Video thumbnail
අටමස්ථානාධිපතිට දේවීන්වහන්සේලා දෙන්නෙක් ? මානසික රෝගියෙක්නේ - DNA වෙනස් වෙයිද ?
05:48
Video thumbnail
දිලුම් ඇයි අත්අඩංගුවට නොගන්නේ ? - "එයා එහෙම ගැහැණු ළමයි ආශ්‍රය කරලා ඇති"
02:17
Video thumbnail
අනුරාධපුරයේ වින්දිත දැරියට ජීවිත තර්ජනයක්? - පොලිස්පතිතුමාටත් ගැහැණු ළමයි ඉන්නේ..ලැජ්ජයි
03:41
Video thumbnail
විමල්ට පිස්සු නටන්න දෙන්න බෑ
01:33
Video thumbnail
ජනාධිපති කිව්ව බොරුව සජිත් හෙළිකරයි
05:01
Video thumbnail
විමල් හොඳට අඩිය ගහලා හිටියේ - පිස්සු නටන්න දෙන්න බෑ
01:55
Video thumbnail
මහින්ද සමරසිංහ ලංකාවට ගෙනල්ලා ආණ්ඩුවේ තනතුරක් දෙන්නද යන්නේ ?නලින්ද පිළිතුරු දෙයි
01:35
Video thumbnail
ඩොලර් එක 330 -332ට තියාගන්න කියලා මහ බැංකුව බලහත්කාරයෙන් කියලා ? මෛත්‍රී සියල්ල හෙළිකරයි
02:50
Video thumbnail
නාමල්ට ගැලපෙන තැන අධිකරණය තීන්දු කරයි
15:33