විදුලි බිලට එරෙහි ව පාරට බැස්ස හිමි නමක් ඇතුළු 06 අත්අඩංගුවට

‍ශීඝ්‍රයෙන් වැඩිවෙන විදුලි බිල ඉහළ නැංවීමට එරෙහි ව දිවුලපිටියේ සිට කොළඹට පා ගමනක් සංවිධානය කළ පූජ්‍ය පක්ෂයෙ හිමිනමක් ඇතුළු හයදෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම අත් අඩංගුවට ගැනීම සිදු ව ඇත්තේ අධිකරණයෙන් වාරණ නියෝගයක් ද තිබෙන පසුබිමකදී බවයි.

මෙම විරෝධතාව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලැබුවා.

ඒ දිවුලපිටිය මංසන්ධියේ සිට කොළඹ තෙක්.

මෙම පාගමන ආරම්භයේදී ම පොලිසිය දැනුම්දී තිබුණේ පා ගමන සිදු නොකරන ලෙසටයි.

ඒ වනවිටත් විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික, පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසකට එරෙහිව පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණා.

නමුත් එය ද නොතකමින් කලහකාරී ලෙස පා ගමන සිදු කිරීම හේතුවෙනුයි උද්ඝෝෂකයින් ව දිවුලපිටිය පොලිස් අත් අඩංගුවට ගැනුණේ.

මේ වනවිටත් සැකකරුවන් දිවුලපිටිය පොලිස් ස්ථානයේ රඳවා තිබෙන බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
0
+1
3
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?