විදුලි ගාස්තු සංශෝධනය සම්බධයෙන් වන යෝජනාව දෙසැම්බර් 06 වනදා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරනවා.
විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු. ඒ.ඩී.කේ පරාක්‍රමසිංහ ප්‍රකාශ කළේ එම වාර්තාව සකස් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවයි.
2024 අවසන් කාර්තුව සඳහා සියයට 06 – 11 අතර තීරුබදු අඩු කිරීමක් විදුලිබල මණ්ඩලය මීට පෙර යෝජනා කර තිබුණා.
කෙසේ වෙතත්, මහජන උපයෝගිතා කොමිසම එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් 2025 පළමු මාස හය සඳහා ගාස්තු සංශෝධන යෝජනාව ඉදිරිපත් කරන ලෙස ලංවිමට උපදෙස් දී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1