විදුලි ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය දැනුම්දීම අද

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවසන් තීරණය අද (14) පෙරවරුවේ ප්‍රකාශයට කිරීමට නියමිතව තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව 6.8%කින් ඉහළ නැංවීමට මෙවර යෝජනා කර ඇති බවයි එම කොමිසම දැනුම් දුන්නේ.

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මහජන උපයෝගීතා කොමිසම විසින් පසුගිය සැප්තැම්බර් 18 වනදා ආරම්භ කරනු ලැබුවා.

එම අදහස් විමසීම අවසන් වුණේ පසුගිය 08 වනදායි.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූවගතකරණ වැඩපිළිවෙල නිවැරදි ආකාරයෙන් සිදුකිරීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් ගාස්තුව ඉහළ දැමීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?