විදුලි ගාස්තු ඉහළ දැමීම ගැන මහජන උපයෝගීතා කොමිසමේ තීරණය ලබන සතියේ

ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ තීරණය මේ මස දෙවන සතිය අවසානයේ ලබාදෙන බව එම කොමිෂන් සභාව පවසනවා.

සියයට 6.8කින් විදුලි ගාස්තු ඉහළ දමන ලෙස යෝජනාවක් විදුලි බල මණ්ඩලය විසින් පසුගිය සැප්තැම්බර් මාසයේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමුකරනු ලැබුවා.

ඊට අදාළ මහජන අදහස් විමසීම අවසන් කර ඇති මහජන උපයෝගීතා කොමිෂන් සභාව, මේ වනවිට එම අදහස් අධ්‍යයනය කරමින් සිටිනවා.

එමෙන්ම විදුලි බල මණ්ඩලය ඇස්තමේන්තු කර ඇති විදුලි ජනන වියදම, ඉන්ධන මිලදී ගැනීමේ වියදම, බෙදාහැරීමේ වියදම හා ණය ගෙවීමට විදුලිය ගාස්තුවලින් අරමුදල් ලබාගැනීම යන කරුණු පිළිබඳව අවධානය යොමුකර තිබෙනවා.

ඒ, අනුව සියලු කරුණු අධ්‍යනය කිරීමෙන් අනතුරුව විදුලි ගාස්තුව සංශෝධනය සම්බන්ධයෙන්වන අවසන් තීරණය නිකුත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?