අද (13) දිනයේ දී මෙන් ම ඉදිරියේදිත් විදුලිය කප්පාදු සිදු කිරීම සම්බන්ධයෙන් වන තීරණය ලබා දෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, අදාළ තීරණය අද පෙරවරු 10.00ට පමණ ලබාදීමට සැලසුම් කර ඇති බවයි.
පසුගියදා දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීමෙන් අනතුරුව නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 03ම අක්‍රීය තත්ත්වයට පත්වීම හේතුවෙන් විදුලි ඉල්ලුම කළමනාකරණය කරගැනීම සඳහා පසුගිය 10 සහ 11 යන දිනයන්හි පැය එකහාමාරක කාලයක් දිවයිනේ සෑම ප්‍රදේශයකටම විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ලැබුවා.
ඒ අනුව පස්වරු 3.30ත් රාත්‍රී 9.30ත් දක්වා පැය 06ක කාලසීමාව තුළ කාණ්ඩ 04ක් ඔස්සේ එම විදුලි කප්පාදුව සිදු කිරීමටයි කටයුතු කෙරුණේ.
කෙසේවෙතත් ඊයේ (12) පොහොය දිනයක් වීම හේතුවෙන් අඩු විදුලි ඉල්ලුම සපුරාලීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකි වූ බැවින් විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට මණ්ඩලය පියවර ගත්තා.
මේ වන විට ද නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර ඇත්තේ අක්‍රීයවයි.
එය කඩිනමින් පිළිසකර කෙරෙමින් පවතින බව ද වාර්තා වනවා.
බොහෝ දුරට හෙට (14) දිනය වන විට නොරොච්චෝලේ බලාගාරය ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට හැකි වනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා.