විදුලි කප්පාදුව කවදා වෙනකම් ද? – තීරණය අද පෙරවරුවේ

අද (13) දිනයේ දී මෙන් ම ඉදිරියේදිත් විදුලිය කප්පාදු සිදු කිරීම සම්බන්ධයෙන් වන තීරණය ලබා දෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, අදාළ තීරණය අද පෙරවරු 10.00ට පමණ ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

පසුගියදා දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීමෙන් අනතුරුව නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 03ම අක්‍රීය තත්ත්වයට පත්වීම හේතුවෙන් විදුලි ඉල්ලුම කළමනාකරණය කරගැනීම සඳහා පසුගිය 10 සහ 11 යන දිනයන්හි පැය එකහාමාරක කාලයක් දිවයිනේ සෑම ප්‍රදේශයකටම විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ලැබුවා.

ඒ අනුව පස්වරු 3.30ත් රාත්‍රී 9.30ත් දක්වා පැය 06ක කාලසීමාව තුළ කාණ්ඩ 04ක් ඔස්සේ එම විදුලි කප්පාදුව සිදු කිරීමටයි කටයුතු කෙරුණේ.

කෙසේවෙතත් ඊයේ (12) පොහොය දිනයක් වීම හේතුවෙන් අඩු විදුලි ඉල්ලුම සපුරාලීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකි වූ බැවින් විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට මණ්ඩලය පියවර ගත්තා.

මේ වන විට ද නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර ඇත්තේ අක්‍රීයවයි.

එය කඩිනමින් පිළිසකර කෙරෙමින් පවතින බව ද වාර්තා වනවා.

බොහෝ දුරට හෙට (14) දිනය වන විට නොරොච්චෝලේ බලාගාරය ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට හැකි වනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22