විදුලි කණු රැගෙන ගිය ලොරි රථයක් නිවසකට පෙරළෙයි (වීඩියෝ)

විදුලි බල මණ්ඩලයට අයත් ගම්පොල, දොළුව, ගොඩවෙල පිහිටි පළාත් ගබඩාවේ සිට විදුලි කණු රැගෙන ගිය ලොරි රථයක් ගොඩවෙල නිවසක් මතට පෙරළී දෙදෙනකු තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

මෙම අනතුරින් එම නිවසට, ලොරි රථයට හා විදුලි කණුවලට හානි සිදුව තිබුණා.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ, එම ලොරි රථයේ රියදුරු හා සහායකවරයායි.

නිවැසියන් එම අවස්ථාවේ දහවල් ආහාරය බෙදාගෙන නිවසේ සාලය වෙත ගමන් කිරීම නිසා එම අනතුරින් බේරී තිබෙනවා.

ගොඩවෙල, බුම්මලේ කන්ද නැමති ඉහළ ස්ථානයක මෙම පළාත් ගබඩාව පිහිටා ඇති අතර බර පැටවූ ලොරි රථ පහළට ඒමේ දී තිරිංග ඇන හිටීමෙන් මේ ආකාරයට කෙටි කලක් තුළ මෙවැනි අනතුරු හතරක් සිදු වූ බව ප්‍රදේශවාසින් පවසනවා.

එයින් නිවාස දෙකකට හානි සිදුව ඇති අතර ප්‍රදේශවාසින් සඳහන් කරන්නේ, නුසුදුසු ස්ථානයක මෙම ගබඩාව පිහිටුවීමෙන් විදුලි කණු ප්‍රවාහනයේ දී දිගින් දිගටම අනතුරු සිදුවීමෙන් ජීවිත හා දේපල හානි සිදු වන බවයි.

මීට පෙර සිදුවූ අනතුරුවල දී මෙම මාර්ගයේ ලොකු ලොරි රථ දමා විදුලි කණු ප්‍රවාහනය නතර කරන බව පැවසුවත් මොවුන් හොර රහසේ මේ ආකාරයට ඒවා ප්‍රවාහනය කරන බව ද ප්‍රදේශවාසින් පවසනවා.

ගම්පොල පොලිසිය පැමිණ ලොරි රථය එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ දැරුව ද නිවෙස් හිමියන් හා ප්‍රදේශවාසින් එයට විරුද්ධ වීමෙන් උණුසුම් තත්ත්වයක් ද එහි දී ඇති ව තිබෙනවා.

මෙම තත්ත්වය තුළ එම ස්ථානයට ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක, රථවාහන ස්ථානාධිපති, විදුලිබල මණ්ඩලයේ පළාත් ප්‍රධාන ඉංජිනේරුවරයා එම ස්ථානයට කැඳවීමට පියවර ගෙන තිබුණා.

DSC07749
DSC07748 1
DSC07747
DSC07748
DSC07740
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
QR එකේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව දැම්මේ ඇයි ? නලින්ද සියල්ල හෙළිකරයි..100%ක්ම හදලා ඉදිරිපත් කරන්න බෑනේ
04:36
Video thumbnail
මාලිමාව බහුජන බලයට බයයි - L බෝඩ් ආණ්ඩුවක් කියලා අපි කිව්වනේ
09:20
Video thumbnail
රාජපක්ෂලා, වික්‍රමසිංහලා ,ප්‍රේමදාසලාගේ සුද්දය නිසා ඉස්සර QR ආවේ..බිමල් සැරටම කිව්ව කතාව
04:54
Video thumbnail
පැය ගාණක් පෝලිමේ හිටියා - දැන් තෙල් නෑ
01:06
Video thumbnail
බම්බු තෙල් මට ඕනේ නෑ - මට කොටි ඩයස්පෝරාවෙන් දෙනවා
06:05
Video thumbnail
QR එක දෙන්න හේතු කියන්න බෑ..කිසිම දත්තයක් හරියට නෑ - අද ජනපති අනුර මාධ්‍ය අමතන බව සභානායක කියයි
05:02
Video thumbnail
අපේ ඇමතිව අපි ආරක්ෂා කරන්නේ නෑ
13:21
Video thumbnail
"තමන්ගේ වාහනයේ තනියම යන්නේ නැතුව කට්ටිය එකතුවෙලා යන්න" l Nalinda Jayatissa
02:24
Video thumbnail
බදාදා දිනය නිවාඩු දවසක් කළේ ඉන්ධන ඉතුරු කරගන්නද ? නලින්ද හෙළිකරයි
09:37
Video thumbnail
විපක්ෂයේ හොරු ඉන්නවා නම් අල්ලන්න - අලුත් හොරු ටිකත් අල්ලන්න
08:02