spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි කණු රැගෙන ගිය ලොරි රථයක් නිවසකට පෙරළෙයි (වීඩියෝ)

විදුලි බල මණ්ඩලයට අයත් ගම්පොල, දොළුව, ගොඩවෙල පිහිටි පළාත් ගබඩාවේ සිට විදුලි කණු රැගෙන ගිය ලොරි රථයක් ගොඩවෙල නිවසක් මතට පෙරළී දෙදෙනකු තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

මෙම අනතුරින් එම නිවසට, ලොරි රථයට හා විදුලි කණුවලට හානි සිදුව තිබුණා.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ, එම ලොරි රථයේ රියදුරු හා සහායකවරයායි.

නිවැසියන් එම අවස්ථාවේ දහවල් ආහාරය බෙදාගෙන නිවසේ සාලය වෙත ගමන් කිරීම නිසා එම අනතුරින් බේරී තිබෙනවා.

ගොඩවෙල, බුම්මලේ කන්ද නැමති ඉහළ ස්ථානයක මෙම පළාත් ගබඩාව පිහිටා ඇති අතර බර පැටවූ ලොරි රථ පහළට ඒමේ දී තිරිංග ඇන හිටීමෙන් මේ ආකාරයට කෙටි කලක් තුළ මෙවැනි අනතුරු හතරක් සිදු වූ බව ප්‍රදේශවාසින් පවසනවා.

එයින් නිවාස දෙකකට හානි සිදුව ඇති අතර ප්‍රදේශවාසින් සඳහන් කරන්නේ, නුසුදුසු ස්ථානයක මෙම ගබඩාව පිහිටුවීමෙන් විදුලි කණු ප්‍රවාහනයේ දී දිගින් දිගටම අනතුරු සිදුවීමෙන් ජීවිත හා දේපල හානි සිදු වන බවයි.

මීට පෙර සිදුවූ අනතුරුවල දී මෙම මාර්ගයේ ලොකු ලොරි රථ දමා විදුලි කණු ප්‍රවාහනය නතර කරන බව පැවසුවත් මොවුන් හොර රහසේ මේ ආකාරයට ඒවා ප්‍රවාහනය කරන බව ද ප්‍රදේශවාසින් පවසනවා.

ගම්පොල පොලිසිය පැමිණ ලොරි රථය එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ දැරුව ද නිවෙස් හිමියන් හා ප්‍රදේශවාසින් එයට විරුද්ධ වීමෙන් උණුසුම් තත්ත්වයක් ද එහි දී ඇති ව තිබෙනවා.

මෙම තත්ත්වය තුළ එම ස්ථානයට ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක, රථවාහන ස්ථානාධිපති, විදුලිබල මණ්ඩලයේ පළාත් ප්‍රධාන ඉංජිනේරුවරයා එම ස්ථානයට කැඳවීමට පියවර ගෙන තිබුණා.

DSC07749
DSC07748 1
DSC07747
DSC07748
DSC07740
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?