පොල්ගහවෙල පොලිස් වසමේ බංගලාවත්ත ප්‍රදේශයේ ඉඩමක් තුළ විදුලිසැර වැදී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
ඊයේ (06) දහවල් සිදුව ඇති මෙම අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 28 සහ 35 යන වයස්වල පසුවන ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.
වගා භූමියක් වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අනවසරෙන් යොදන ලද විදුලි රැහැනක ගැටී මෙම අනතුර සිදුව ඇති බව සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදි අනාවරණය වී තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉඩමේ මුරකරුවෙකු ලෙස කටයුතු කල පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර පොල්ගහවෙල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
1
+1
+1













