විදුලියට ජලය ප්‍රමාණවත් නොවන බව මහවැලි අධිකාරිය කියයි

ජලවිදුලි උත්පාදනය සඳහා නිකුත් කිරීමට ප්‍රමාණවත් තරම් ජලය ජලාශවල නොමැති බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය දැනුම්දී තිබෙනවා.

මහවැලි අධිකාරිය අද (03) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට මේ සම්බන්ධයෙන් ලිපියක් මගින් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

අපේක්ෂිත පරිදි වර්ෂාපතනය නොලැබීම හේතුවෙන් ජලාශවල ප්‍රමාණවත් තරම් ජලය නොමැති බව අධිකාරිය අනාවරණය කර තිබෙනවා.

දැනට පවතින ජලය කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය වන බැවින් ජල විදුලි නිෂ්පාදනය සඳහා මුදා හැරිය නොහැකි බවයි මහවැලි අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම වසරේ යල කන්නයට ජලය සැපයීමට මාර්තු 15 වැනි දින වන විට ආරම්භ කිරීමට සැලසුම් කර තිබීම සහ 2022/23 මහ කන්නය සඳහා මේ වන විටත් ජලය සපයන බැවින් විදුලි නිෂ්පාදනය සඳහා ඉදිරියේදී අමතර ජල ප්‍රමාණයක් නිකුත් කළ නොහැකි බව මහවැලි අධිකාරිය විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම්දී තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අනාවැකියට අනුව සැලකිය යුතු වර්ෂාවක් ජනවාරි මස 31 සහ මේ මස 1 සහ 2 දිනවල නොලැබීම නිසා වාරි ජලය, පානීය ජලය සහ ගොවිපළවලට සපයන ජලය ප්‍රමාණය ද සළකමින් ජල විදුලි නිෂ්පාදනයට සාමාන්‍ය පරිදි ජලය නිකුත් කිරීමට තීරණය කළ බවයි අධිකාරිය සඳහන් කළේ.

ජල විදුලි නිෂ්පාදනය සඳහා යොදාගන්නා ජලාශවල සියයට 73ක් ජලය පැවතුණ ද විදුලි නිෂ්පාදනය සඳහා එම ප්‍රමාණයෙන් සියයට 50ක් පමණක් යොදගත හැකි බව මහවැලි අධිකාරිය අමාත්‍යංශ ලේකම්වරයා වැඩි දුරටත් දැනුවත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47